නිවෙස්තුල සිදුවන කොරෝනා මරණ සාමාන්‍ය මරණ ලෙස වාර්තා කරන්නැයි ඉහළින් බලපෑම් - ග්රාමසේවකලා රාජකාරිය අතහරින්න සූදානමි | COVID SRI LANKA
covid sri lanka
,
gossip lanka
,
gossipmain
,
gossp
,
News
නිවාසවල සිදුවන කොවිඩ් මරණ සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදුවන මරණ ලෙස සලකා ක්‍රියා කරන ලෙසට ග්‍රාම නිලධාරීන් වෙත විවිධ තර්ජන හා බලපෑම් සිදු කරන බැවින් ඇතැම් ග්‍රාම නිලධාරීන් තමන්ට සිදුවන ආතතියෙන් මිදීමට නොහැකි බැවින් වෘත්තියෙන් ඉල්ලා අස් වීමට ද තීරණය කර ඇතැයි මීගමුව ග්‍රාම සේවා නිලධාරී සංගමය පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ සංගමයේ ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“මෙම බලපෑම් කිරීම අපරාධ නීතිය යටතේ වරදක්. මරණයක් පිළිබඳව ස්වාධීන තීරණ ගැනීම ග්‍රාම නිලධාරීන් සතු වුව ද එසේ බලපෑම් කිරීම තුළින් වෙන්නේ එම මරණය පිළිබඳ සැක මතු වීම වෙයි. එලෙස බලපෑම් කරන අය අතර වෛද්‍ය වෘත්තිකයන් සිටීම ඉතා ම කනගාටුදායක තත්ත්වයක්.”

