Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රුපියල් දෙදහසකින් ආරම්භකර වසර 9ට පසු
රුපියල් බිලියන 5ක ව්‍යාපාරයක් තැනූ 
සුපිරි ව්‍යවසායකයා


දුක දිනා ජීවිතය ජයගත් මිනිස්සු ගැන අපි නිතරම ඔබට කියන්නෙ ඔවුන්ගෙන් ඔබේ ජීවිත වලට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන් නිසා. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මුළු ලෝකයටම පෙන්නපු අපේ කාලයේ දක්ෂ ව්‍යාපාරිකයෙකු අපිට මුනගැහුනා. ඔහු ගැන අපි මේ සටහන තබන්නෙත් ඔහුගේ ජීවිතයෙන් බොහෝ දේවල් ඔබටත් ඉගනගන්න තියෙන නිසා.

මේ කියන්න යන දක්ෂ ව්‍යාපාරිකයා නමින් සම්පත් මායාකඩුව. සමහර විට නම කියන කොටම මේ කවුද කියලා ඔබ දන්නවත් ඇති. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආරම්භ වෙන්නෙ 2008 අවුරුද්දෙදි.

රුපියල් 2000 ක් විතරක් අරගෙන කොළඹ නගරයට ආපු මේ තරුණයට මෘදුකාංග නිර්මාණය පිළිබඳව ඉතා විශිෂ්ඨ දැනුමක් තිබුනා. ඒ නිසාම එකල ජනප්‍රිය දුරකතන සමාගමක්ව තිබුනු TIGO සමාගම සමඟ එක්වී කටයුතු කරන්න ඔහුට අවස්තාව ලැබුනා.

එකම දක්ෂතාවයකට සීමා නොවී බෝහෝ ක්ෂේස්ත්‍රයන් කෙරෙහි දක්ෂතා දැක්වූ නිසාම ඉතා කෙටි කලක් තුල TIGO ආයතනයේ වැදගත්ම කාර්යභාරයක් සම්පත් මයාකඩුවට ලබා දෙන්නට ඔවුන් තීරණය කලා. ඒ අනුව දුරකතන සිම්පත් ලබාගන්නා පාරිභෝගිකයින්ගේ දත්ත පරිගණක ගත කිරීම ඔහුට හිමි වෙනවා. ඔහු ඒ සඳහා යොදාගත්තේ ඔහුම නිර්මාණය කරපු පරිගණක මෘදුකාංගයක්.

පසුව එම සේවාවන් ඉතා උසස් අයුරින් ලබාදීම සඳහා සම්පත් මයාකඩුව මහතා විසින් 2008 වසරේ සැප්තැම්බර් මාසයේදී IDEA HOLDINGS නමින් ඔහුගේ පළමු සමාගම අරම්භ කරනවා.ඔහු මෙම ආයතනය දිනෙන් දින තම පාරිභෝගිකයන්ට ඉතා විශිෂ්ඨ සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පත්කලේ තමන් විශිෂ්ඨ ව්‍යාපාරිකයෙකු බව ලොවටම පසක් කරමින්.

එසේම තම ආයතනය තුල කිසිඳු ලේඛණයක් භාවිතා නොකර Paperless ආයතනයක් බවට පත් කරමින් තම ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේ තමන් පරිසරයට ආදරය කරන පරිසර හිතකාමියෙකු බවද සනාථ කරමින්.

තම ව්‍යාපාරික දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් 2012 වර්ෂයේදී ආරම්භ කල "සිවිලිම" ප්‍රදර්ශනාගාර ජාලය ඉතා කෙටි කලක් තුල මුළු රටවටා ව්‍යාප්ත කිරීමටද ඔහු සමත් වුනා, ප්‍රදර්ශනාගාර 400කින් යුත් එහි අලෙවි ජාලය මෙරට විශාලතම ප්‍රදර්ශනාගාර ජාලයද වෙනවා. ඉන් නොනැවතුන ඔහු අයිඩියා ආයතනය සියන, i-Panel, i-Roof වැනි ඉතා ජනප්‍රිය සන්නාම රැසකට හිමිකම් කියන සමාගමක් බවට පත් කරන්නට සමත් වෙනවා.

මේ වන විට කාර්මික අංශයේ පේටන්ට් බලපත්‍ර 42 කට හිමිකම් කියන සම්පත් මායාකඩුව මහතා දකුණු ආසියාවේ විශාලතම ASA Roofing කර්මාන්ත ශාලාවට හිමිකම් කියන පුද්ගලයාද වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම දොර සහ ජනෙල් උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවටද හිමිකම් කියන මොහුගේ අයිඩියා සමුහ ව්‍යාපාරයේ මේ වන විට වත්කම රුපියල් මිලියන 5000 කට අධිකයි.

සම්පත් මායාකඩුව මහතා විසින් 2009 වසරේදී රචනා කරන ලද ‘‘මුදල් ආකර්ෂණය‘‘ කෘතියද ශ්‍රී ලංකාව තුල ඉතා ජනප්‍රියත්වය පත්වීමද ඔහුගේ දක්ෂතාවය මනා ලෙස පිළිබිඹු වීමක්.

නව චින්තනයක්, නව දැක්මක් සහිතව ඉදිරියට යන ඔහු කිසිවිටකත් වෙලදපොලේ ඇති නිෂ්පාදනය අනුකරණය නොකර ඒ වෙනුවට නව ආදේශක හඳුන්වා දෙන්නෙකු වුනා.මේ නිසාම ව්‍යාපාරික ක්ෂේස්ත්‍රය තුල ඔහුට හිමි වන්නේ ඉහල ගෞරවයක්.

බොහෝ දෙනා කතාකරන පරිසර විනාශයට ඉතා හොඳ පිළියමක් ලබා දෙන්නටද මොහුට හැකියාව ලැබුණා. නිවසක සිවිලමක් වෙනුවෙන් අපේ රටේ ගස් කීයක්නම් කැපෙනවද..? නමුත් මායාකඩුව මහතා විසින් ලී සිවිලම වෙනුවට ආදේශක හඳුන්වාදීමත් සමඟ අපේ රටේ පරිසර විනාශය ගොඩක් අවම කරගන්න පුළුවන් වුනා. මේ නිසා අපේ රටේ වනාන්තර වල තියන වටිනා ගස් දස දහස් ගණනක් සුරැකෙන්න ඇති.

මේ නිසාම SLIM Brand Excellence 2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළද සන්නාමයට හිමි රන් සම්මානය හිමි කර ගැනීමට සිවිලිමට හැකි වුනා.

එසේම ඔහුගේ සමාගම් ජාලයේ සේවය කිරීම සදහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කල ඉතා තරුණ කණ්ඩායම් යොදාගෙන තිබීම ඇගයීමටද ලක්විය යුත්තක්. ඔහු සතු කළමණාකරන හැකියාව සහ පර්ගණක මෘදුකාංග පිළිබඳව ඇති දක්ෂතාවය නිසාම 2017 වසරේ බස්නාහිර පළාතේ මහා පරිමාන ව්‍යාපාර අංශයේ හොදම ව්‍යවසායකයාට හිමි ජාතික රන් සම්මානයද ඔහුට හිමි වුනා.

මේ වන විට ඔහුගේ අයිඩියා සමුහ ව්‍යාපාරය මෙරට හෝටල්, ඉදිකිරීම් හා තොරතුරු තාක්ෂණ යන අංශයන්හි ව්‍යපාරකරණයෙහි යෙදෙන ප්‍රමුකතම සමාගමක්.

මේ දක්ෂ ව්‍යාපාරිකයා රුපියල් බිලියන 10ක අලෙවි ඉලක්කයක් සහිතව 2018 වසරට පා තබන්නට සූදානමින් සිටින්නේ ඉදිරියේදී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තවත් නැවුම් වෙනසක බලාපොරොත්තුවක් අපට ඉතිරි කරමින්.

ව්‍යාපාරික ක්ෂේස්ත්‍රයේ සිටින ඔබටත්, ව්‍යාපාරික ලෝකයට එකතුවෙන්න මග බලාගෙන ඉන්න සැමටත් සම්පත් මායාකඩුව නම් වූ මේ සොඳුරු ව්‍යාපාරිකයාගෙන් ඉගනගත යුතු බොහෝ පාඩම් තිබෙනවා. අපේ රටේ සිටින මෙවැනි ව්‍යාපාරික ලොවේ දැවැන්තයන්ගේ චරිත අධ්‍යයනය කර ඔවුන්ව අනුගමනය කරනවානම් ඔබටත් මෙවැනිම වූ විශිෂ්ඨයෙකු වෙන්න පුළුවන්.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook