Featured News

Video Gossip

Advertisement

පාසල් කාලයේ සිට ඇරඹි
ආදරයට ආගම් දෙකක නිසා 
දෙමාපියන් විරුද්ධ වුණා
ජැක්සන් කුමාරි ආදර කතාව එළියට


හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම 
හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා - ජැක්සන් 
ජැක්සන් ඉස්සෙල්ලම දුවෙක් ඹ්නෙ කිවුව - කුමාරි

ජනප්‍රිය කලාකරු ජැක්සන් ඇන්තනී හා බිරිය කුමාරි මුණසිංහ පාසල් සමයේ සිට මිතුරන්ය. මුණ ගැසී වසර කට පසු හොඳම යාළුවාවූ කුමාරි කසාද බඳින්න ජැක්සන් තීරණය කළත් ජැක්සන්ගේ ගෙදරින් කුමාරිට මුලින්ම කැමතිවී නැත. බාධක බිඳගෙන ඔවුන් විවාහවූ හැටි පසුගියදා රූපවාහිනී වැඩසටහනකින් කියා තිබුණි.
පාසලට නවක ශිෂ්‍ය‍ෙයක් ලෙස පැමිණි ජැක්සන් ඇය සමග බොහෝ සමීප වන්නට මගපාදන්නේත් කලාවමයි. ඔහු ප්‍රථම වතාවට ඇයව හමුවූ ඒ මොහොත ඇය මෙලෙස මතක් කරනවා.

“ ඒ දවස් වල ගලහිටියාව මහ විද්‍යාලෙ ලස්සන අරලිය ගස් ගොන්නක් තිබුනා. දවසක් එයා අරලියා ගස් මැද්දෙන් ඇවිදන් යද්දී බටනළා සද්දයක් ඇහිලා. එයා බලලා කවුද මේ පිඹින්නේ කියලා.එයත් සංගීතයට ගොඩක් කැමතියි නේ.ඉතිං ඒ වෙලාවෙ බට නළාව පිඹිමින් ඉඳලා තියෙන්නෙ මම. ජැක්සන් මුලින්ම මාව දැක්කෙ එතනදි. එවෙලෙ එයා හිතුවලු කොහොමහරි මෙයත් එක්ක හිතවත් වෙනවා කියල.”




කෙසේ වෙතත් කලාවට හිතැති මේ සුන්දර යෞවනයන් දෙපල ඉතාම කිට්ටු වෙන්න මගපාදන තවත් සිදුවීමක් මේ පාසලේදීම වෙනවා.

“ ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවෙ අලුතෙන්නේ.. දවසක් ඉස්කොලෙ සමිතියකදි එයා ගොඩක් හැඟීම් බර විදිහට ලස්සන ට සිංදුවක් කිව්වා.මාත් ගොඩක් ආසාවෙන් ඒ සිංදුව අහන් හිටියා. එදා තමයි මම ජැක්සන්ව මුලින්ම දැක්කේ.”

එදා ඉදන් ඇරඹුනු මිතුදම ඉතාම සමීපව ගෙවුනු බව ජැක්සන් මතක් කරනවා.

“ අපේ තිබුණේ මචං කියාගන්නා යාළුකමක්. එයා තමයි මට මේ ජැකා කියන නමත් පටබැන්දේ.”

බොහෝ සුන්දර මතකයන් රැසක් ඉතිරි කරමින් මොවුන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරව සිදු කරන්නේ අධ්‍යාපනයට මුල් තැන දෙමින්. පාසල් අධ්‍යාපනය නිම කරන මොවුන් දෙදෙනාගෙන් ජැක්සන් කොළඹ විශ්ව විද්‍යාලයටත් කුමාරි මුණසිංහ ගම්පහ ආයුර්වේදයටත් නික්මෙන විටත් දෙදෙනාගේ කිසිදු ආදර සම්බන්ඳයක් නොතිබුනු බව තමයි මොවුන් කියන්නේ.

මොවුන්ගේ මිතුදම ආදරයකට පෙරලන්න සමත් වෙන්නේ නෙවිල් සුබසිංහයන්ගේ “වාරුවෙන් යන මිනිස්සු” වේදිකා නාට්‍යයේ චරිත දෙකකට ඔවුන් දෙදෙනාව තෝර ගත්පසුවයි. ඉතිං මේ සමීප මිතුරන් දෙදෙනා නාට්‍ය පුමුණුවිම් ආදියට යන එන අතරතුරේදී තමයි ඔවුන් ආදරවන්තයින් බවට පත්වෙන්නේ.නමුත් ඊට මුලදී බාධා එල්ලවී ඇත. කුමාරි මේ ගැන පැවසුවේ. 

දෙදෙනා ආගම් දෙකක නිසාවෙන්ම දෙදෙනාගේ ගෙවල් වලින් දැඩි ලෙස සම්බන්ධයට විරුද්ධ වුණා. මං ඒ කාලෙදඟකාරයි කියලත් ජැක්සන්ගෙ අම්මලා අකමැති වුණා. නමුත් ඔවුන් අවසානයේ දෙමාපිය ආශිර්වාදය මැද කසාද බඳිනවා.

“ හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා. අසූ පහේ කසාද බැන්දා..හොඳම යාළුවව කසාද බැන්දා..” ජැක්සන් ඒ ගැන කියා තිබුණි.

විවාහ වෙලා එක වහලක් යටට යන එත තමයි දෙන්නාගෙම හීනෙ වෙලා තිබුනේ. ඉතිං මේ ආදරණීය යුවල බොහෝ දුක් කම්කටොළු මැදින් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගෙන තිබුණා. ඒ වගේම මේ දෙපළ කලාවට තිබුනු ලැදියාව ජැක්සන් පවසන්නේ මේ විදිහට..

“අපේ විවාහෙට පස්සෙ දවසෙත් අපි නාට්‍යක රඟපෑවා..කුමාරිට මගේ පළවෙනි දුව ලැබෙනවා කියන සුබ පණිවිඩය කුමාරි මට කිවුවෙත් වේදිකාවෙදි…

මම ඒ දවස් වල ගොඩක් කාර්ය බහුලයි... බස් එකෙන් බස් එකට නාට්‍ය වලට යන්නේ.. අපිට හම්බවෙන්න වත් වෙලාවක් නෑ.. දවසක් මම මරාසාද් නාට්‍ය යේ රඟපාන වෙලාවක නාට්‍ය යේ එක්තරා නිශ්ශබ්ද ස්ථානයකදි තමයි ගායන වෘන්දයේ නායක ගායිකාව විදිහට හිටපු කුමාරි මට හොරෙන්ම කිවුවේ ඔයා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා...” සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements