Featured News

Video Gossip

Advertisement

හිමාලි හිරු සුපර් ඩාන්සර්
විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් වුණ
රහස එළියට

හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයේ හිමාලි වෙනුවෙන් පුටුවක් වෙන්වෙලා තිබුණා. හිටි හැටියේ හිමාලි විනිශ්චය මණ්ඩලයේ දකින්න ලැබෙන්නේ නෑ?


ඔව්. මම සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයෙන් අයින් වුණා. ඒ නිසා මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ.

ඒ විශේෂ කාරණයක් නිසා කියලා ආරංචියි?



මම දැන් මවක් වෙන්න සූදානමින් ඉන්නේ. දැන් මාස පහක් වෙනවා මගේ බබා කුසට ඇවිත්. ඉතිං මම පහුගිය දවස්වල රංගන වැඩ කටයුතු, නර්තන වැඩ කටයුතු නවත්තලා තිබ්බේ. හිරු සුපර් ඩාන්සර් එකට විතරයි සම්බන්ධ වුණේ. එතැන ටිකක් සද්ද වැඩියි.

පුංචි දරුවෝ කරන බය හිතෙන දේවල් දකින්න ලැබෙනවා. ඒ දේවල් දකිද්දී මගේ හිතත් ටිකක් ගැස්සෙනවා. ඉතිං ඒ නිසා ටිකක් විවේක ගත්තොත් හොඳයි කියලා හිතුවා.

භාර ගත්ත වැඩේ මඟ නතර කරන්න වුණ එක ගැන දුකක් නැද්ද?

දැන් ඉථඵ වටය පටන් ගත්ත නිසා විනිශ්චයත් එතරම්ම බලපාන්නේ නැහැ. ඒ නිසා තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් අයින් වෙන්න ලේසි වුණා. පොඩි දුකක් නැත්තෙත් නැහැ. ඒත් මගේ මේ හීනයට ඉඩ දෙන්න ඕන. ආයෙත් අවසන් තරගයට සම්බන්ධ වෙන්නත් හිතාගෙන ඉන්නවා.

රංගන කටයුතු, නර්තන කටයුතු නැවැත්තුවෙත් ඔය හීනය හැබෑ කරගන්න වෙන්න ඇති?

ඔව්. මම මෙගා ස්ටාර් නිසා මාස හයක් විතර කාර්යබහුල වෙලා හිටියා. ඉතිං මට මගේ හීනය හැබෑ කරගන්න ඕන වුණා. ඒකයි රංගන කටයුතු වගේම නර්තන කටයුතුවලටත් විවේකයක් තිබ්බේ.

පුංචි අමුත්තෙක් ගැන හීනය හැබෑ කරගන්න මේ සුදුසුම කාලය කියලා හිතුවද?

මම විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. ඉතිං ගොඩක් කාලයක් දරුවෙක් ගැන බලාපොරොත්තුව මඟහැරුණා. කලා කටයුතු නිසා තමයි ඒ බලාපොරොත්තුව මඟ හැරුණේ්. දැන් ඒ හීනය හැබෑ වෙන්න යන නිසා ආසාවෙන් එයා එනතුරු බලාගෙන ඉන්නවා.

වැඩ කරලා පුරුදු හිමාලිට වැඩ නොකර ඉන්න පුළුවන්ද?

ඇත්තටම පොඩි පාළුවක් තියෙනවා. ටීවී එකේ යන දේවල් දකිද්දී ආසයි. ඒත් දැන් මම ඊට වඩා ලොකු වගකීමක් දරන්න සූදානමින් ඉන්න නිසා ඒ දේ වෙනුවෙන් තමයි කැපවෙන්නේ.

හා හා පුරා කියලා පවුලට එකතු වෙන්න ඉන්නේ පුතෙක්ද? දුවෙක්ද?

තාම නම් හරියට දන්නේ නැහැ. මම කැමැති දුවෙක්ට, සැමියා කැමැති පුතෙක්ට. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ආදරෙන් භාර ගන්නවා.

තවත් ලැබිච්ච ආරාධනා මඟ හැරෙන්න ඇති?

ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. දරුවෙක් ලබන හීනය නිසා ඒ නාට්‍යයත් මට ප්‍රතික්‍ෂේප කරන්න වුණා. තවත් හොඳ චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඒකත් මට ප්‍රතික්‍ෂේප කරන්න වුණා.
හැබැයි දුකක් නෑ. අපේ පැටියා ඉපදුණාට පස්සේ ආයෙත් ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ආයෙත් ක්ෂේත්‍රයට එද්දී තිබුණ තැනම හිමාලිට ලැබෙයිද?

මම එහෙම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපිත් ඒකට යම් කැපවීමක් කරන්න ඕන. බබා ලැබුණට පස්සේ මගේ නර්තන කණ්ඩායම ආයෙත් පටන් ගන්නවා. ඒ හරහා මට ආයෙත් සුපුරුදු විදියට වැඩ කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.

හිමාලිට පසුගිය කාලේ හරි හරියට කැපිලි ආවා කියන්නේ ඇත්තද?

ඒක මට වගේම හැමෝටම තියෙන දෙයක්. මොන කැපිලි ආවත් මගේ දක්‍ෂතාව මං ළඟ තියෙනවා. ඒක නැති වෙන්නේ නෑ. මම ඩාන්සර් කෙනෙක් විදියට දැනගෙන හිටියට මෙගා ස්ටාර් හරහා බොහෝ දෙනෙක් මගේ හැකියාව තව තව හඳුනාගෙන ආදරය කරන්න ගත්තා. කවුරු කැපිලි දාන්න හැදුවත්, මාව වට්ටන්න හැදුවත් ඒක කරන්න බැරි වුණා.

ඔය කැපිලි ආවේ ප්‍රවීණයන්ගෙන්ද?

මම චිත්‍රපට, ටෙලි නාට්‍ය ගොඩක වැඩ කරලා නැහැ. නමුත් හිරු මෙගා ස්ටාර්වලදී මට ශිල්පීන් තිස්පස් දෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ අතරින් අපේ කණ්ඩායමේ හත් දෙනෙක් හිටියා. එතැනදී ගොඩක් අත්දැකීම් ලැබුණා. කවුද අපිට කපන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ කියලා දැනුණා. දුක හිතෙන දේවල් වුණා. එක එක කතන්දර හැදුව අයත් හිටියා. කොහොම වුණත් ඒ වගේ අය ඉන්නවා කියලා දැනගත්ත එකත් ජීවිතයට හොඳ අත්දැකීමක්.

ජීවිතයේ අලුත් බලාපොරොත්තුවත් එක්ක සැලසුම් කරගත්ත තව දේවල් ඇති?

එකම බලාපොරොත්තුව තමයි අපේ දරුවා. එයා මැයි මාසේ තමයි අපි අතරට එන්නේ. එයා ආවට පස්සේ යම් කාලයක් කැපකරන්න වෙයි. ඊට පසසේ සුපුරුදු පරිදි වැඩ පටන් ගන්න අදහසේ ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements