ලන්ඩන් නුවරදී සමාජ ජාලාවලට
මැති ඇමතිවරුන් සමග ඡායාරූප එක්කෙරූ
හැඩකාර කෙල්ල කවුද?
(PHOTOS)
එහිදී කියවුනේ ජනාධිපතිතුමන් සමග 122 ක කණ්ඩායමක් ලන්ඩනයට ගොස් ඇති බවත්ය.තවද ගිහානි වීරසිංහද ජනාධිපතිතුමන් මෙම සංචාරයට එක්කරගෙන ඇති බවට සමාජ ජාලා තුල විවේචනයට ලක්වී ඇත.
මැති ඇමතිවරුන් සමග ඡායාරූප එක්කෙරූ
හැඩකාර කෙල්ල කවුද?
(PHOTOS)
ලන්ඩන් නුවරදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අනෙකුත් ඇමතිවරුන් සහ නිලධාරින් පිලිබදව මේ වෙන විට සමාජ ජාලා තුල කතා බහට ලක්වීමක් ඇත. ඒ මැති ඇමතිවරුන් හැඩකාර කාන්තාවක් සමග සිටින ඡායාරුප කිහිපයත් සමාජ ජාලාවෙබි අඩවිවලට එක්කිරිමත් සමගිනි.
එහිදී කියවුනේ ජනාධිපතිතුමන් සමග 122 ක කණ්ඩායමක් ලන්ඩනයට ගොස් ඇති බවත්ය.තවද ගිහානි වීරසිංහද ජනාධිපතිතුමන් මෙම සංචාරයට එක්කරගෙන ඇති බවට සමාජ ජාලා තුල විවේචනයට ලක්වී ඇත.
මේ පිලිබදව විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශ නිලධාරියෙකු පැවසුවේ එම ප්‍රචාරය අසත්‍ය එකක් බවය. ජනාධිපතිතුමන් සමග පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සංඛ්‍යාව 32 ක් බවත් එයින් 12 දෙනෙකු ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින් බවත්ය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ රැස්වීම සදහාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර එහිදී ගිහානි වීරසිංහ විසින් ලබා ගත ජයාරූප සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශ නිලධාරියා පැවසුවේ එම අවස්තාව සදහා ව්‍යාපාරික සංගම් වලට සහභාගී වීමට අවස්තාව ඇති බවත් එම නම් සදහන් කල තැනැත්තිය එයට සහභාගී වී ඇත්තේ ඔවුන්ගේ සංගමයකට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේන් ලැබුණ ආරාධනාවකට බවත්ය.එම නම් සදහන් කල කිසිවෙක් ජනාධිපතිතුමන් සමග ලන්ඩනයට පැමිණි ය නොවන බවත් ඔහු වැඩි දුරටත් අප සමග පැවසුවේය.







