Featured News

Video Gossip

Advertisement

රයිගම් සම්මාන උළෙලදී 
කිව්ව සිස්ටම් එකේ අවුල ගැන 
ජෙහාන් කියන කතාව


කූඹියෝ ජනප්‍රියම ටෙලි නාට්‍යය වෙනකොට ඔබ ජනප්‍රියම නළුවා වුණා. කොහොමද ඔබ මේක දකින්නේ?

ජනප්‍රිය සම්මාන කියන්නේ ආදරේ සම්මාන. නමුත් මේ ලැබුණේ ආදරේ සම්මාන ‍නෙවෙයි. මේ සම්මාන දෙකම ලැබෙන්නේ මේ සිස්ටම් එකට ඔවුන්ගේ තිබෙන තරහ, අප්‍රසාදය නිසයි. කූඹියෝ නාට්‍යය සමාජයට කතා කරපු විදිහ. ඒකේ තියෙන සිස්ටම් එක බේ්‍රක් කරපු විදිය මිනිස්සු අත්වින්දා. ඒ අත්විඳීම තමයි මිනිස්සු කූඹියෝ නාට්‍යයට ගෙනාවේ.

ඔබ රසිකයාගේ රසඥතාව වෙනතකට අරන් ගියා කියලා හිතනවාද?

අපි එහෙම හිතනවා. වෙනස් අත්දැකීමක් තමයි කූඹියෝ කියන්නේ. හැබැයි ඒ වෙනස රසිකයෝ ආදරෙන් වැලඳ ගත්තා. හොඳ මොකක්ද, නිර්මාණශීලීත්වය, අලුත් මොකක්ද කියන දේවල් මිනිසුන්ට තේරෙන්න ගත්තේ කූඹියෝ නාට්‍යය නිසා කියලා මම හිතනවා. ඉදිරියේදී කූඹියෝ නාට්‍යයේ රහ හිතේ තියාගෙන දේවල් බලා‍පොරොත්තු වේවි කියලා මම හිතනවා.

කූඹියෝ එක්ක තරග කළ අනෙකුත් ටෙලි නාට්‍ය සඳහා හොඳ ප්‍රතිචාර තිබුණා නේද?

ඔව්, හොඳ ප්‍රතිචාර තිබුණා.

කූඹියෝ ජෙහාන් ප්ලෑන් කරලා කරපු වැඩක්ද?

කූඹියෝ අපි සමාජයට ගැළපෙන්න ප්ලෑන් කළේ නැහැ. 2012 වර්ෂයේ තමයි අපි කූඹියෝ කළේ. වසර පහකට පස්සේ තමයි කූඹියෝ රූපවාහිනියේ තිරගත වෙන්නේ. එදා හිටපු සමාජය නෙවේ අද තියෙන්නේ. ඒ කිසි දෙයක් සංසන්දනය කරලා ‍නෙවෙයි මේ නාට්‍යය කළේ. නමුත් නාට්‍යය විකාශය වෙද්දි මිනිස්සු ඒ නාට්‍යයයි සමාජයයි සංසන්දනය කරලා කතා කරන්න ගත්තා.

සමාජ ජාලවල වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ කූඹියෝ ජෙහාන් ගැන. ඇයි ඒ තරම් මිනිස්සු උනන්දු වෙන්නේ?

මිනිස්සු ඇතුළේ තියෙනවා ක්‍රම විරෝධී බවක්. ඒක ඇතුළේ සිද්ධ වෙන දේවල් ගැන මිනිස්සු කතා කරනවාට කැමතියි.

ජෙහාන් කූඹියෝ කියන්නේ එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?

එක්කෙනෙක්. මොකද කූඹියෝ නාට්‍යය ඇතුළේ තමයි ජෙහාන් ඉන්නේ.

කූඹියෝ නාට්‍යය තුළින් බලා‍පොරොත්තු වුණ දේ ඉෂ්ට වුණා කියලා හිතනවාද?

අපි බලා‍පොරොත්තු වුණේ ටෙලිවිෂනය තුළ වෙනසක් ඇති කරන්න, ප්‍රේක්ෂකයාගේ රසඥතාව වැඩි කරන්න. වෙනස් දේවල් කරන්න පුළුවන් කියලා පෙන්වන්න. මේ සමාජය තුළ හොඳ වැඩවලට තැනක් තියෙනවාද කියලා බලන්න උත්සාහ කරන්න. ඒ පැත්තෙන් බැලුවොත් ඒ දේවල් ඉෂ්ට වෙලා තියෙනවා.

ජනප්‍රියම නළුවා, හොඳම නළුවා කියන්නේ දෙකක්ද?

ඒක එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්නත් පුළුවන්. විනිසුරු මඬුල්ලක් තමයි හොඳම නළුවා තෝරන්නේ. ජනප්‍රියම නළුවා තෝරන්නේ ප්‍රේක්ෂකයෝ. ඇතැම් වෙලාවට ඒක දෙකම වෙන්නත් පුළුවන්.

නුදුරු දිනයකදී ජනප්‍රියම නළුවා හොඳම නළුවා වෙන දවසක් එයිද?

අපි බලමු, එහෙම දිනයක් එනවා නම් අපේ ටෙලි නාට්‍ය කලාවට ඒක යහපතක් වෙන්න පුළුවන්. ප්‍රේක්ෂක ගෞරවයයි, විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයයි දෙකම එකතු වෙනවා කියන්නේ ඒක ගොඩක් වටින අවස්ථාවක්.

ලබන වසරේ ජෙහාන් හොඳම නළුවා වෙයිද?

මම ඒක නම් දන්නේ නැහැ. විනිශ්චය මණ්ඩලය තමයි ඒක තීරණය කරන්නේ.

සිස්ටම් එකේ අවුලක් තියෙනවා කියලා ඔබ සම්මාන උළෙලෙදිත් කීවා. මොකක්ද මේ අවුල?

මහ බැංකුව හොරා කාලා කියලා කියලා අපි වසර ගාණක් කතා කරනවා. ඒක අවුලක් නේද? අපේ මිනිස්සු පාරෙ යන විදිහ අවුල් කියලා සමාජයම කියනවා. ඒකත් අවුලක් නේද? දේශපාලනඥයෝ ජනතාව වෙනුවෙන් සේවය නොකර තමන් වෙනුවෙන් සේවය කරගන්නවා.

ඒකත් අවුලක් නේද? අපි පාලනය යහපාලනයක් කරන්න හැදුවත් ඒක කරන්න බැරිවෙලා තියෙනවා. ඒකත් අවුලක් නේද? ඒක තමයි මම දකින සිස්ටම් එකේ අවුල්.

කූඹියෝත් ප්‍රේක්ෂකයන්ට කඩපු එක සෝඩා බෝතලයක් පමණක් වෙයිද?

මම හිතන්නේ කූඹියෝ ඇති කළ රසවින්දනයේ වෙනස හිතන්න යමක් ඉතිරි කරපු එක වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු ඒ රහ ඉල්ලයි. ඒක තවදුරටත් සෝඩා බෝතලයක් වෙන එකක් නැහැ. ඒ ගැන රූපවාහිනී නාළිකාවලටත් වගකීමක් තියෙනවා.

ඒ වෙනස දිගටම අරගෙන යන්න හොඳ නිර්මාණ බිහිවෙයිද?

හොඳ නිර්මාණ බිහිවුණේ නැත්නම් ඒක සිස්ටම් එකේ අවුලක්. කූඹියෝ හොඳ දෙයක් කළා කියලා හැමෝම කතා වෙනවා. ඒ දෙයින් ඉස්සරහට යන් නැතුව පිටිපස්සට යනවා නම් ඒකත් සිස්ටම් එකේ අවුලක්. අපි ඉස්සරහටයි යන්න ඕන.

හිතෙන්නේ නැද්ද සිස්ටම් එකේ වෙනසක් ඇති කරන්න නිර්මාණකරණයට යොමුවෙන්න ඕන කියලා?

මගේ මාධ්‍යය වේදිකාව. වේදිකා නාට්‍ය එක්ක ඉදිරියටත් වැඩ කරනවා. චිත්‍රපටයක් කිරීමේ ආසාවක් තියෙනවා. බලමු, ඉස්සරහට අපි ඒ ගැන බලමු.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements