Featured News

Video Gossip

Advertisement

එහෙම වෙන්නෑ කියලා මට විශ්වාසයි
එහෙම වෙන්නෑ කියලා මට විශ්වාසයි

- පුබුදු චතුරංග

අලූත් ජීවිතයේ අලූත්ම හිිරිපොද වැස්සක ආශීර්වාද ලබමින් සිනමාවට අවතීර්ණ වන පුබුදු චතුරංග පුංචි තිරයත් වේදිකාවත් අතික‍්‍රමණය කළ රංග ශිල්පියෙකි. ඔහුගේ ඒ සහජ දක්ෂතා, කුසලතා ඔපමට්ටම් කළ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය පුබුදුට තවත් වරයක් පිරිනැමීය. ඒ ඉංජිනේරුවරයෙක් වීමේ මහ`ගු අවස්ථාවයි. එහෙත් ඔහු වෘත්තිය ජීවිතය ලෙසින් තෝරාගත්තේ රංගනයයි. හිරිමල් විය පසුකරමින් දැනුුම්තේරුම් ඇති යුගයකට අවතීර්ණ වීමත් සමග ආදරයක උණුසුම ඔහුට දැනෙන්ට ගත්තේ ඒ සො`දුරිය දුටු කල්හිය. සිවු වසරක ආදරණීය ඇසුරකින් පසු මාෂි සිරිවර්ධන නම් ඒ සුන්දරිය තම ජීවන සහකාරිය වීම සුදුසු යැයි පුබුදුට වැටහෙන්නට විය. ඒ නිසා ඔවුනොවුන් තීරණයක් ගත්තේය. එහි මල් ඵල හටගත්තේ පසුගිය මාර්තු 15 වැනි දිනය. ඒ ආදරය විවාහය නම් ශක්තිමත් බැම්මෙන් බැ`දීමෙන්ය. 

මේ ඉන් අනතුරුව පුබුදු චතුරංගත් මාෂි සිර්වර්ධනත් මාධ්‍යට ලබාදුන් පළමු සම්මුඛ සාකච්ජාවයි 

අලූත් ජීවිතේ කොහොමද? 

හො`දයි නැවුම් ආරම්භයක් සමග ගතකරනවා

සම්පූර්ණ වශයෙන් වෙනසක් වෙලා නැද්ද? 

වෙලා තියෙනවා. තනිකඩව ගෙවුණු ජීවිතය දැන් මුළුමනින්ම වෙනස් වෙලා. ගෙදර ආවහම හිනාවෙලා කතාකරන්න තේ එකක් හදල අතට ගෙනත් දෙන්න ජීවිතය ගැන වෙනදට වඩා වගකීමෙන් හොයල බලන්න මට හො`ද ජීවන සහකාරියක් ලැබිල තියෙනවා. දැන් හිතෙනව මට නොදැනුණු හිස්කමක් ජීවිතේ තිබිල තියෙනවා. ඒ හිස්තැන මාෂි විසින් පුරවනවා කියලා. 

මාෂි ඔයාට කියන්න දෙයක් නැද්ද? 

සතුටුයි ඇත්තටම පුබුදු වගේ කෙනෙක් ලැබීම ඊටත් වඩා සතුටුයි. මගේ ජීවිතේ මම ගත්ත ඉතාම තෘප්තිමත් තීරණය පුබුදු මගේ ජීවන සහකරු කරගැනීම කියල මට හිතෙනවා. 

ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවද? 

අපි දෙදෙනාම එකට එකතු වී ගමනක් යන්න ආරම්භ කළා. සතුටින් සෙනෙහසින් ඉවසීමෙන් පවුලක වගකීම් දරමින් ඉන්න එක තමයි ලොකුම ආශාව මගේ දෙමාපියන් වගේම පුබුදුගෙ දෙමාපියනුත් මේ විවාහය නිසා ඉන්නෙ හරිම සතුටින් දෙපැත්තක නෑදෑ හිතමිතුරන් සතුටුකරල අපිත් සතුටින් ජීවිතයට මුහුණ දෙනවා. 


ඉදිරියේදී ඇය ඔබේ රංගන කාර්යයන් සීමාකරයිිද?
නෑ එහෙම දේවල් වෙනවා නම් වෙන්න කාලය තිබුණා. ඉදිරියටත් එහෙම වෙන්නෑ කියලා මට විශ්වාසයි. මොකද මාෂි මට හො`ද බිරි`දක් වගේම ලොකු ශක්තියක් ඒ නිසා ඇය කොතැනකදීවත් මගේ ගමන සීමා කරන්නෑ. ගැළපීම් නොගැළපීම් සියල්ල විස`දාගෙනයි අපි අපේ කියල ජීවිතයක් ආරම්භ කළේ මේ ආදරණීය ජීවිතය මැරෙන තුරුම පවත්වාගෙන යාම තමයි අපි දෙදෙනාගේම එකම බලාපොරොත්තුව

ඔබේ ආදරණීය පේ‍්‍රක්ෂක හිතවතුන්ගේ ප‍්‍රාර්ථනය ද එයම බව නිසැකය. එබැවින් පුබුදු සහ මාෂි නිවැරැුදිව ජීවිත තීරණ ගනීවියැයි අපි ද අපේක්ෂා කරන්නෙමු.

තනූජා සූරියබණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements