Featured News

Video Gossip

Advertisement

කලාවෙනුයි දේශපාලනයෙනුයි දවසක සමුගන්නවා
- ගයේෂා පෙරේරා

පසුගිය කාලයේ උණුසුම් වූ මැතිවරණයත් සමඟ ගැටෙමින් දේශපාලන කරළියට පැමිණි කලාකාරිය, ගයේෂා පෙරේරා අපි අසා දැන ගමු ඇයගේ වර්තමාන තොරතුරු බිඳක්‌....


වර්තමානයේ දේශපාලනමය කටයුතුවල තත්ත්වය කොහොමද?

පසුගිය කාලයේ ඉතාම ප්‍රවේගකාරී දේශපාලනමය තත්ත්වයක්‌ තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය ටිකෙන් ටික සමනය වෙලා තියෙනවා. මේ කාලය බොහොම නිවාඩු පාඩුවේ ගත කරනවා.



ඔබ පසුගිය මැතිවරණයට සහභාගි වුණා. එහිදී මොකද වුණේ? ඒ ගැන ඔබගේ අදහස....?

ඔව්, එහිදී අපිට ලැබුණේ 20% ට අඩු ප්‍රතිඵලයක්‌. ඇත්තටම එය ප්‍රශ්නයක්‌ නොවෙයි. මොකද රටේ දේශපාලනය ගැන ජනතාව හිටියේ එතරම් පැහැදීමකින් නොවේ. ජනතාවට කිසිම විශ්වාසයක්‌ රටේ දේශපාලනඥයින් ගැන තිබුණේ නැහැ. ජනතාවගේ විශ්වාසය ඇති කර ගැනීමට කියා ඔවුන් කිසිවක්‌ කර තිබුණේද නැහැ. එහෙම වුණාම සමස්‌තයක්‌ විදිහට එය සෑම ඡන්ද ප්‍රතිඵලයකටම බලපානවා.

එය නිවැරදි කර ගැනීමට ඉදිරියේදී ඔබ ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙහෙමයි, පක්‍ෂ භේදයක්‌ නැතිව, දේශපාලනය යහපත්, හරි විදියට යොදා ගන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ වෙන්නෙ පක්‍ෂ සහ පාට වෙන වෙනම බෙදා ගෙන මිනිසුන්ගේ ඔළුවලට එකකට එකක්‌ වෙනස්‌ අදහස්‌ හා විවිධ මත දමන එකයි. මූලිකවම මම දකින්නේ මෙහිදී විශ්වාසය ඉතාම වැදගත්. මිනිසුන්ගේ විශ්වාසය දිනාගැනීම තමා මූලිකවම කළ යුත්තේ. ඒ සඳහා සියලුම දේශපාලනඥයින් ඔවුන්ගේ උපරිමයෙන් හරි දේ කළ යුතුයි. ජනතාවත් සමඟ ඉන්න කෙනාට තමයි ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ. ඉතින් මටත් කොහොමත් ජනතාව සමඟ රැඳෙන්න කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ලැබිලා තියෙනවා. එයින් මට දේශපාලන කටයුතු සඳහා ලොකු පිටිවහලක්‌ ලැබෙනවා.

කලාවයි දේශපාලනයයි දෙක එකකට එකක්‌ වෙනස්‌ම පැති දෙකක්‌නේ. කොහොමද ඔබ එය සමබර කර ගන්නේ?

ඔව්. කලාව එක පැත්තක්‌. දේශපාලනය එක පැත්තක්‌ නමුත් මේ අංශ දෙකම පවතින්නේ රටක ජනතාව මත. ජනතාව සමඟ බැඳිලා ඉන්න තරමට තමයි අපට මේ දෙකම ඉතා හොඳින් පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නෙ. මිනිසුන් එක්‌ක බැඳිලා වැඩ කරන කොට කලාවයි දේශපාලනයයි එක ළඟටම ගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මිනිසුන් පිනවන එක. සතුටු කරන එක. දේශපාලනයෙන් කෙරෙන්න ඕනෙත් ඒකනේ.

මේ දෙකෙන් වැඩියම කැමති මොකටද?

කලාවට තමයි මම කැමති. මොකද කලාව නිසා තමයි මේ යන මාර්ගය හැදුනේ. හොඳ විදියට හරි විදියට හිටියොත් කලාවේ රැඳීමට කිසිම බාධාවක්‌ නෑ.

කවදා හරි කලාවෙන් සමු අරන් දේශපාලනයට එනවාද? දේශපාලනයෙන් සමු අරන් කලාවට එනවාද?

දවසක මේ දෙකෙන්ම සමු ගන්නවා. හැමදාම මේ කිසිවක්‌ කරන්න බැහැනේ.

ඔබ රඟ පෑ චරිත, සමාජයේ බොහෝ ආන්දෝලනාත්මක කතා බහට ලක්‌වුණා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

ඒ ගැන මට කිසිම ගැටලුවක්‌ නෑ. අර කතාවක්‌ තියෙනවානේ, ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඒ නිසා මම රඟ පෑ චරිත ඔස්‌සේ විවේචන කරන අය මං ගැන ඇත්ත සහ මම රටට ලබා දුන් කීර්තිය ගැන නොදන්නවා ඇති.

ඔබ රඟපෑම සඳහා යොමු වුණේ කොහොමද?

මම 2006 ශ්‍රී ලාංකීය රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා. ඉන් පසුව තමයි මට ආරාධනා ලැබුණේ, නිරූපණ ක්‍ෂේත්‍රයට සහ රඟපෑමට.

ඔබට ප්‍රේක්‌ෂකයින්ගෙන් වැඩි ප්‍රතිචාරයක්‌ ලැබුණා.

එය නම් කීමට අපහසුයි. නමුත් "මිල්ලෑව වලව්ව" නාට්‍යයේ" සුජාතා මැණිකෙ" චරිතයට ගොඩාක්‌ ප්‍රතිචාර ලැබුණා.

ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවාද?

මොහාන් නියාස්‌ මහත්මයාගේ "බඹර වසන්තය" ලකී ඩයස්‌ මහත්මාගේ "බ්‍රේකින් නිව්ස්‌" සහ තවත් චිත්‍රපට කීපයක්‌ රඟපෑවා. නාට්‍යය ගැන කියනවා නම් සුමිත් ගල්හේන මහත්මාගේ "රජ වත්ත" ඇතුළු නාට්‍ය කිහිපයක්‌ රඟපෑවා.

මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු ගණනාවක අත්දැකීම් ඇති ඔබ ආධුනික ශිල්පීන්ට දෙන උපදෙස්‌ මොනවාද?

මේ ක්‍ෂේත්‍රයට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි එන හැම කෙනෙකුටම මෙහි රැඳෙන්න බැහැ. එහෙම රැඳෙනවා නම්, ඒ රැඳෙන්න පුළුවන් කාලය කොපමණද කියලා කියන්නත් බැහැ. ඒ නිසා තමන්ගේ හැකියාව ගැන හරියට දැන ගෙන හරියට වැඩ කරනවා නම් හොඳ ගමනක්‌ යන්න පුළුවන්.

ගනීෂා අමාලි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements