Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කිරිකැටියා දෝතට වඩිනතුරු
හිමාලි සිරිවර්ධන වෙනස් වැඩකට !

 මගේ අපේක්ෂාව සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන එක

හිමාලි සිරිවර්ධන කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ නිළියක් වගේම නර්තන ශිල්පිනියක්.

පහුගිය කාලයේ පුංචි තිරය තුල බොහොම කාර්ය බහුල චරිතයක් වුන ඇය මේ වෙද්දිනම් කලා කටයුතු වලින් තාවකාලිකව ඈත් වෙලා ඉන්නවා.හිමාලි සිරිවර්ධන මේ විදියට විවේකීව කාලය ගත කරන්නෙ ඇය මව් පදවියට සැරසී සිටින නිසාවෙන්.

පුංචි කිරිකැටියා දෝතට වඩින දිනය උදාවන තුරු බලා‍පොරොත්තු සිටින ඇය පසුගියදා පුවත් පතක් හා සම්මුක සාකච්චාවකට එක්ව තිබුනේ මෙලෙසින්.

කලා කටයුතු හින්දා දැඩි අවිවේකි දිවියක් ගෙවූ හිමාලි මේ දවස්වල ගොඩක් විවේකයෙන් ඇති…?

කලා කටයුතුවලින් නම් තාවකාලිකව දුරස්වෙලා ඉන්නවා. ඒත් විවේකයෙන් ඉන්නවා කියන්න බැහැ. මොකද මම තමයි ගෙදර සියලු කටයුතු කරන්නේ. දරුවකු ලැබෙන්න ඉන්න කාන්තාවකට විවේකය අවශ්‍යයයි. ඒත් නිකම්ම ගෙදරට වෙලා ඉන්න එක සුදුසු නැහැ..

ඇයට ශාරිරික ව්‍යායාම් අවශ්‍යයි. මම නිවසේ කටයුතු වගේම ව්‍යායාම් කටයුතුත් කරනවා. මගේ අපේක්ෂාව සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන එක. ඒ නිසා මට ශාරීරික ව්‍යායාමය ගොඩක් වැදගත්.

මොනවද ඔබ කරන ව්‍යායාම් කටයුතු…? 

ඇවිදීම තමයි හොඳම ව්‍යායාමය. හවස් වරුවේ ටිකක් ඇවිදින්න යනවා.

මව්වරුන් වන්නට සිටින කාන්තාවන්ට වැදගත් වේවි අද ඔබ දවස ගෙවන ආකාරය කෙසේද කියන එක..?

සැමියා රාජකාරියට යන හින්දා මට උදේ පාන්දර නැගිටලා උයන්න වෙනවා. මගේ අත් උදව්වට අක්කා ඉන්නවා. ඒත් ගේ දොර කටයුතු සියල්ලම මගේ අතින් තමයි සිදුවන්නේ.

ගැබිනි මවකට ශාරීරික ව්‍යායාම් වගේම විවේකයත් අවශ්‍යයයි .. ?

අනිවාර්යයෙන්ම ඔව්. ව්‍යායාම් .. විවේකය වගේම දරුවාගේ මොළේ වර්ධනයට වියයුතු දේවලුත් තියෙනවා. මමත් මේ දවස්වල කාලය යොදන්නේ ඒ සියලුම දේවල් සමග තමයි. මට මේ දිනවල තියෙන ලොකුම අපහසුව රෑට නින්ද නොයාම. ඒ හින්දා අලුයම නැගිටලා උයන පිහන කටයුතු කරලා සැමියා රැකියාවට ගියාට පස්සේ උදේ ආහාරය අරගෙන ටිකක් නිදාගන්නවා.

දරුවාගේ මොළේ වර්ධනයට වියයුතු දේවලුත් තියෙනවා කියා ඔබ පැවසුවා. ඒ ගැන වැඩිදුරට කතාකළොත් …. ?

ගැබිනි කාන්තාවන්ට අසන්නට සුදුසු සංගීතය මම අහනවා. ඒ ගැන මාවයි සැමියවයි දැනුවත් කළේ නි‍ලේන්ද්‍ර අයියා. (නි‍ලේනද්‍ර දේශප්‍රිය) එය වාද්‍ය සංගීතයක්. සරල භාවාත්මක සංගීත ඛණ්ඩ තමයි එහි තියෙන්නේ. ගැබිනි කාන්තාවන් ඒවා ඇසුවාම දරුවාගේ මොළේ වර්ධනයට ඉතා යහපත් බවයි කියැවෙන්නේ.

මම ගීත අහන්න ගොඩක් කැමති කෙනෙක්. ඒත් කාර්යබහුලත්වය හිංදා ගීතයක් අහන්නවත් රූපවාහිනිය නරඹන්නවත් මට විවේකයක් තිබුණෙ නැති තරම්. මේ දවස්වල නිවසටම වෙලා ඉන්න නිසා හිතේ හැටියට ගීත අහන්න පුළුවනි. රූපවාහිනි නරඹන්නත් වෙන් කරන්න දැන් මට කාලය තියෙනවා.

මොනවද හිමාලි මේ දවස්වල අහන ගී…?

මම කොහොමත් අමරදේව සූරීන්ගේ ගීතවලට කැමතියි. ඒ වගේම ඉන්ද්‍රානි පෙරේරා, ශෂිකා නිසංසලා, නිරෝෂා විරාජිනී වගේ අයගේ ගීතවලටත් කැමතියි. පැරණි ගී අහන්න මම ගොඩක් කැමතියි. මේ දවස්වල දරුවන් සම්බන්ධ ගී වැඩිපුර අහනවා. නන්දා මාලනීගේ “අම්මාවරුනේ” මරියසෙල් ගුණතිලකගේ “සිහින නෙළුම් මල් දෝත දරා..” සුජාතා අත්තනායක ගයන “පුතුනේ මේ අහගන්න පුතුනේ..” වගේ ගීත ඒ අතර තියෙනවා.

හිමාලිගේ කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහය කොහොමද .. ?

මගේ සැමියා සෙනාශ් පෙරේරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරනවා. එයා ගොඩක් කාර්යබහුල කෙනෙක් හින්දා නිතරම මගේ ළඟට වෙලා තනියට ඉන්න බැහැනේ.. ඒත් ලැබෙන විවේකය ගෙවන්නේ මාත් එක්කම තමයි…

කලා ලොවේ හිතවතුන් හිමාලිගේ දුක සැප විමසනවද .. ?

ඔව් .. පුළුවන් වෙලාවට එන යන අය වගේම මාව බලන්න එන අයත් ඉන්නවා. උපුලි, හේමාල්, ධනුක, මල්කාන්ති ජයසිංහ වගේ ගොඩක් අය විවේකයක් ලැබුණ හැටියෙම ඇවිල්ල යන්න එනවා.

මතු දවසක නැවතත් කලා ක්ෂේත්‍රයට එනවාද .. ?

ඔව් .. බබා ඉපදුණාම එයා එක්ක කාලයක් ඉන්න ඕන. මොකද කලාවට වඩා මව් පදවියට මුල් තැන දෙනවා. ඊට පස්සේ ආයෙම නර්තනය රංගන කටයුතු සඳහා එකතුවනවා.

( ආරියවංශ කුලතිලක – ලක්බිම )

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook