Featured News

Video Gossip

Advertisement

මාස හයට කළ වෙනස දකින්න තියෙනවා
හතුරුසිංහ කියන අළුත්ම කතාව



බාබේඩෝස්‌ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය ලොව වේගවත්ම තණතිල්ලක්‌ හිමි ක්‍රීඩාංගණයක්‌ බැවින් රෝස පන්දුවේ දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය දෙපිලට අභියෝගයක්‌ බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. කෙසේ නමුත් තම ක්‍රීඩකයන් පියවරෙන් පියවර දක්‍ෂතා මුවහත් කරගනිමින් මෙම තරගයට පිවිසීම ධනාත්මක සාධකයක්‌ බවද ඔහුගේ විශ්වාසයයි.

"මේ ටෙස්‌ට්‌ තරගාවලියට එන කොට අපි කොදෙව්වන්ට වැඩිය ඉදිරියෙන් හිටියේ. මෙහේ තණතිලි වේග පන්දු යවන්නන්ට සෑහෙන්න හොඳයි. ඒක අපි දැනගෙන ලැස්‌තිවෙලා තමයි ආවේ. ඒ පෙර සූදානම අපිට වාසියක්‌ වුණා. අපි වේග පන්දු යවන්නෝ පස්‌දෙනෙක්‌ ගෙනාවේ තණතීරු ගැන දන්න නිසා. පළමු තරගයට වැඩිය අපි දෙවැනි තරගය ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා ක්‍රීඩකයන් අත්දැකීම් ගන්න කොට දියුණුවක්‌ පේන්න තියෙනවා."



රෝස පන්දුවේ ටෙස්‌ට්‌ තරගයේ අභියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා දරන්නේ මෙවැනි අදහසකි., "රෝස පන්දුවෙන් පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය දෙපිලටම අභියෝගයක්‌. මොකද දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය දෙපිලටම අලුත් අත්දැකීමක්‌ නිසා. කොදෙව්වන් ඒ අයගේ රටේ ගහන පළමු දිවා රාත්‍රී තරගය මේක."

කොකබුරා පන්දුව වෙනුවට ඩියුක්‌ පන්දුවෙන් දිවා රාත්‍රී තරග ක්‍රීඩා කිරීමෙන් වේග පන්දු යවන්නන්ට අතිරේක වාසියක්‌ තිබෙන බවත්, කෙන්සිංන්ට ඕවල් ක්‍රීඩාංගණය ලෝකයේ වේගවත්ම තණතීරුවක්‌ මෙන්ම ඉපලීමක්‌ (බවුන්සර්) සහිත තණතීරුවක්‌ බවත් හතුරුසිංහ පවසයි. 

"මේ තණතීරුව ලෝකයේ වේගවත්ම තණතීරුවක්‌. ඒ වගේම ඩියුක්‌ පන්දුවත් මේ වගේ තණතීරුවලට ගොඩක්‌ වාසියි වේග පන්දු යවන්නන්ට. එංගලන්තයේ ඩියුක්‌ පන්දුවෙන් ගහපු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගයක්‌ දවස්‌ දෙකහමාරකින් වගේ අවසන් වුණා. ඒ නිසා දෙපිලටම ලේසි නැහැ." යෑයි රෝස පන්දුවේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා සිය අදහස්‌ පළ කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තනතුර භාරගෙන ගත වූ මාස හය තුළදී තමා වෙනසක්‌ කළ බවද එම වෙනස මෙම කණ්‌ඩායමේ දකින්නට ලැබෙන බවත් හතුරුසිංහ පවසයි.

"දැන් කණ්‌ඩායමේ සංකලනය සහ තේරීම් ටිකක්‌ වෙනස්‌ විදිහට තමයි මම කරන්නේ. ඉතින් ක්‍රීඩකයන් හඳුනා ගන්න ගමන් ඉදිරිය ගැන හිතන ක්‍රමවේදයක්‌ තියෙන්නේ. කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ස්‌ථාවර තැනක්‌ ඇති කරලා තරගාවලිය ජය ගන්න එක තමයි සැලසුම. එක තරගාවලියක්‌ ජය ගෙන අනිත් ඒවා පැරදිලා වැඩක්‌ නැහැ. ශ්‍රේණිගත කිරීම්ව ඉහළට එන්න ඕන. විශේෂයෙන් ලංකාවෙදී අපිට පරදින්න බැහැ. මම ආවට පස්‌සේ තවම එක තරගාවලියයි දිනුවේ. නමුත් කණ්‌ඩායමක්‌ වශයෙන් අපේ ක්‍රීඩකයන් දැන් හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම සමහර ක්‍රීඩකයන් දැන් පොද්ගලික දක්‍ෂතාවන් ගොඩක්‌ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා." යෑයි හෙතෙම තවදුරටත් පැවසීය.

ආබාධ ඇතිවීම ඕනෑම කණ්‌ඩායමකට පොදු දෙයක්‌ වුණත්, කොදෙව් තරගාවලියේදී කණ්‌ඩායම උසස්‌ තැනක සිටින බවද, ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පවසයි.

"අපිට මේ තරගාවලියටත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ ආබාධ නිසා නැති වුණා. ඒ නිසා කණ්‌ඩායමේ සංයුතිය වෙනස්‌ කරන්න සිද්ධ වුණා. රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර ආබාධ වුණා. ඇන්ජලෝ මැතිව්ස්‌ටත් යන්න වුණා. කොහොම වුණත් මේ අභියෝගයට මුහුණ දෙන්න අපි ලෑස්‌ති වෙලයි ඉන්නෙ."

"ජෙෆ්රි වැන්ඩ්‍රසේව සහ අසිත ප්‍රනාන්දුව අපි කොදෙව්වලට ගෙනාවේ තරග ගස්‌සවන්න නෙමෙයි. ඒ අයට අත්දැකීමක්‌ ලබාදෙන්න. දසුන් ශානකවත් ගෙනාවේ අතිරේක පිතිකරුවෙක්‌ හැටියට. මොකද 15 දෙනාට අමතරව තව ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්‌ ගේන්නෙ අනාගත ආයෝජනයක්‌ විදිහට. ඒ අයට අනිත් අය වගේම පුහුණුව ලැබෙනවා. ඒ වගේ ක්‍රීඩා විවේකාගාරයේ අපිත් එක්‌ක ඉන්නකොට තරග ස්‌වභාවයට හැඩ ගැහිලා ඒ ඒ අවස්‌ථාවලට ගැලපෙන පීඩනයට හුරුවෙනවා. මේ සැලැස්‌ම මම ඔස්‌ටේ්‍රලියාවේදීත් බංග්ලාදේශයේදීත් කළා."

මහේල උඩවත්තට අවස්‌ථාව ලැබුණේ දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්‌ වූ නිසා බවත් ඒ අවස්‌ථාවෙන් උඩවත්ත ප්‍රයෝජනයට ගත යුතු බවත් හතුරුසිංහ පවසයි. ආබාධයක්‌ නිසා එළියට යන ඕනෑම ක්‍රීඩකයකුට අනතුරුව කණ්‌ඩායමේ ස්‌ථානය ලබාදීම තම ක්‍රමවේදය බවත් ඒ අවස්‌ථාවන්වලදී තරගකාරීත්වයක්‌ ලැබෙන බවත් ශ්‍රී ලංකා පුහුණුකරුවා පවසයි.

අසේල විතාන බාබේඩෝස්‌

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements