Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සෝරත වගේම හුරතල් කතා තෙපළන
අභිමාන්  සුබෝධ හාමුදුරුවන් වෙච්ච හැටි



කැමරාව ඉස්සරහ රඟපාද්දී නම් අභිමාන්ට බය හිතුණලු. 
හැබැයි ඉතිං අධ්‍යක්ෂ මාමා තිළිණ බොරලැස්සබය නැති කළා

"සිඳු" ටෙලි නාට්‍ය කිව්ව ගමන් එකපාරටම මතකයට එන්නේ කාවද..? ඒ මතකය ඇතුළේ මුලින්ම එළියට එන්නේ පුංචි සෝරත හාමුදුරුවෝ වෙන්න පුළුවන්. පුංචි සෝරත හාමුදුරුවන්ගේ හුරතල් කතා, සිත් ඇදගන්නා රංගනය ඔබව "සිඳු" ටෙලියට තව තවත් ළං කළා වෙන්න පුළුවන්. දැන් සෝරත එක්ක තවත් කෙනෙක් ඔබේ හිතේ ලැගුම් අරන් තියෙන බවට සැකයක් නැහැ. ඒ පුංචි සෝරත වගේම හුරතල් කතා තෙපළන, සෝරත කරන කරන වැඩ කරන, කියන කියන දේවල් කරන පුංචි සුබෝධ. මේ පුංචි සුබෝධ විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ අභිමාන් ප්‍රවීන් මධුහංස.

අභිමාන් සිඳු නාට්‍යයට එකතු වෙන්නේ මෑතකදී වුණත්. අභිමාන් "සිඳු" නාට්‍ය තමන්ගේ නාට්‍ය කරගෙන ගොඩක් කල්. ඒ කොහොමද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි අපූරු කතාවක්. ඒ කතාව මුලින්ම අපිට කිව්වේ අභිමාන් කියන දඟමල්ලගේ මව ක්‍රිෂ්ටා.

"සිඳු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳල පුතා ඒ නාට්‍යයට පුදුම කැමැත්තෙන් හිටියේ. පුතා රඟපාන්න කලින් ඉඳලම ඒ ටෙලි නාට්‍ය බලාගෙන ඒකේ ඉන්නේ එයා කියලා කියනවා. හැමදාම රෑ 7.00 වෙද්දී දුවගෙන ඇවිත් 'අම්මෙ මගේ නාට්‍ය දාලා දෙන්න' කියනවා. "සෝරත" රඟපාන විදියට එයත් රඟපාලා පෙන්වනවා. හරිම ආශාවෙන් එයා හිටියේ "සිඳු" ටෙලි නාට්‍යයට. එතකොට සිඳු නිර්මාණයට පුතාව සම්බන්ධ කරන්න අදහසක්වත් තිබ්බෙ නෑ. එහෙම අවස්ථාවක් තිබ්බෙත් නෑ."

"සිඳු" නාට්‍යයට ඒ තරම් ආදරය කරපු අභිමාන්ට එයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කාලයකට පස්සේ. තුසිත කරවිට තමයි අභිමාන්ගේ ඒ සුන්දර හීනයට පණ දෙන්නේ. "සිඳු" ටෙලියට සම්බන්ධ වෙන්න තවත් පුංචි දඟයෙක්ට අවස්ථාව තියෙනවා කියන පණිවුඩය අභිමාන්ගේ මවුපියන්ට ගෙනත් දෙන්නේ ඔහු. පුංචි අභිමාන් සහජයෙන් ගෙනාපු රංගන හැකියාව ගැන දන්න නිසාම අභිමාන්ගේ අම්මයි තාත්තයි එයාව "සිඳු" ටෙලියේ තේරීම් සභාවට ගෙනියනවා.

අභිමාන් මීට කලින් රඟපාලා නොතිබ්බත් ගෙදර වේදිකාවේ වැඩ දාලා තිබ්බ රංගනයට පළපුරුදුකම නිසා බොහෝ පුංචි දඟයන් අතරින් අභිමාන්ට සුබෝධ හිමිගේ චරිතය ලැබුණා. එදා තමන්ට කරන්න තිබුණ දේවල් ගැන අභිමාන් අපිට කිව්වේ මෙහෙම.

"ඒ මාමලා මට කිව්වා හීන් බබා සීයගේ කතාවකට රඟපාලා පෙන්වන්න කියලා. හීනාවෙන්න කිව්වා. අඬලා පෙන්නන්න කිව්වා. දුක්වෙලා පෙන්වන්න කිව්වා. මාත් එහෙම කළා." හරිම හුරතල් විදියට පුංචි අභිමාන් එහෙම කිව්වා. ඒ විතරක් නෙවෙයි අභිමාන්ව ඒ චරිතයට තෝරා ගත්ත කිව්ව දවසේ ගොඩක් සතුටු හිතුණා කියලත් හරි අපූරු හිනාවක් මුවගට නඟාගෙන මේ පැංචා අපිට කියන්න අමතක කළේ නැහැ.

ඔය විදියට රඟපෑවට මුල්ම දවසේ කැමරාව ඉස්සරහ රඟපාද්දී නම් අභිමාන්ට බය හිතුණලු. හැබැයි ඉතිං අධ්‍යක්ෂ මාමා (තිළිණ බොරලැස්ස) බය නැති කළා කියලා තමයි මේ දඟමල්ල අපිට කිව්වේ.

අභිමාන්ට "සිඳු" ටෙලි නාට්‍යය එක්ක තියෙන්නේ අපූරු බැඳියාවක්. අභිමාන් සිවුර දාගෙන රඟපාන්න හරිම ආසලු. කොණ්ඩේ කොටටම කපද්දිත් ආයේ කොණ්ඩේ වැවෙනවනේ කියලා හිත හදාගෙන පුංචි අභිමාන් රූගත කිරීම්වලට යනවලු.

හැකියාවෙන් ලොක්කෙක් වගේ වුණාට තාම මේ දඟයා පුංචි කොලු පැටියෙක්. බම්බලපිටිය සෙන්පීටර්ස් විද්‍යාලයේ එක ශේ්‍රණියේ ඉගෙන ගන්න මේ පුංචි කොලු පැටියා නළුකමට ගැළපෙනවා කියලා මුල්ම අනාවැකිය කියන්නේ අභිමාන්ගේ පන්තිභාර ගුරුතුමිය. "අභිමාන් හොඳ රඟපාන්න" කියලා තමයි ඇය කියලා තිබ්බේ. මේ පුංචි දඟයාගේ හැකියාව ගැන ඉඟි පළවුණේ ඒ විදියට. පාසල් වේදිකාවේ පුංචි පුංචි හැකියා පෙන්වූ මේ දඟයා මෙච්චර දුර යයි කියලා නොහිතුවත් දැන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගන්න ඔහු සමත් වෙලා ඉවරයි.

සුබෝධ මේ වෙනකොට "සිඳු" ටෙලියේ බොහෝ දෙනාගෙත් ආදරය දිනාගෙන අවසන්. ටෙලි නාට්‍යයේදී සුබෝධගේ හොඳම යාළුවා වෙලා ඉන්නේ සෝරත. මේ පුංචි දඟයෝ දෙන්නා හරි හරි වැඩ කරනවලු. අභිමාන් නම් කියන්නේ දෙන්නා වැඩිපුරම කැමැති ගේම් ගහන්නලු. සුදු අයියයි, චුට්ටේ අයියයි අභිමාන්ට ගොඩක් කිට්ටුයි කියලත් ඔහු අපිට කිව්වා. දැන් අභිමාන්ට පාසලේ යාළුවෝ කතා කරන්නෙත් "සුබෝධ" කියලලු.

පුංචි පැටව් තමන්ගේ අනාගතය ගැන එක එක හීන දකිනවනේ. ඔන්න අභිමාන් දකින්නෙත් අපූරු හීනයක්.
"මම රඟපාන්න ආසයි. මම ලොකු වෙලා වන්ෂොට් වගේ වෙනවා. වන්ෂොට් මාමගේ චිත්‍රපටය මම බලලා තියෙනවා. මම ආසයි වන්ෂොට් වගේ වෙන්න"
මේ පුංචි දඟයා තමන්ගේ හුරතල් හිනාව පාන ගමන් තමන්ගේ අනාගත හීනය ගැන කිව්වේ එහෙමයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook