Featured News

Video Gossip

Advertisement

උදාරි කෞශල්‍යා
දැන් ආදරය කියන වචනයට බයයිලු


ආධුනික රංගන ශිල්පියෙක් අපේ දේවල්වලට මැදිහත් වෙන්න ගත්තා.
ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ - උදාරි 

උදාරි කෞශල්‍යා බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්. ඇයගේ උපන් දිනය පසුගිය (17) වැනිදාට යෙදී තිබුණා. උදාරිට සුබ පැතුම් එක්කරන ගමන් ඇයගේ ජීවිතේ අලුත් තොරතුරු ඔබට ගේන්න අපි ඇයව හදගැස්මේ කතාබහට එක් කරගත්තා.

මෙදා සැරේ උදාරිගේ උපන් දිනයත් ජයටම සැමරුවා නේද?
ජුනි 17 වැනිදා තමයි මගේ උපන් දිනය.
16 වැනිදා මගේ යාළුවෝ වෙනුවෙන් පුංචි සාදයක් තිබුණා. මගේ උපන් දිනය දවසේ දානමය පින්කමකුත් තිබුණා.

උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන?
පොඩි විරාමයකට පස්සේ ආයෙත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා. රංගන කටයුතු, නිවේදන කටයුතු, ගායන කටයුතුවලට නැවතත් සම්බන්ධ වෙනවා.

කාලයක් නිහඬ වෙලා හිටියට ක්ෂේත්‍රයේ අයට ඔබව අමතක වෙලා නෑ වගේ?
මාව අමතක වෙලා නෑ. මම ආයෙත් වැඩ පටන් ගත්තා කියලා ක්ෂේත්‍රයේ අය දැනගත්තා. ඉතින් මට වෙළෙඳ දැන්වීම්වලට මියුසික් වීඩියෝවලට වගේම ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබුණා. ඒ නිර්මාණ එක්ක මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.

ලැබෙන හැම වැඩේම දැන් උදාරි භාරගන්නවාද?
ලැබෙන හැම වැඩේම භාර ගන්නේ නෑ. මට ගැළපෙන ගුණාත්මක දෙයක් බලලා කරනවා. ටෙලි නාට්‍ය දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරින් අවසන් ඉණිම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. මට සුදුසු දෙයක් නම් මම ඒ නිර්මාණ තෝරාගෙන පුළුවන් තරම් ඒ නිර්මාණයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

ටෙලි තිරයෙන් එළියට පැනලා සිනමාවේ වැඩක් කරන්න තාම අවස්ථාව ලැබුණේ නැද්ද?
චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබුණා. හැබැයි තාම ඒ වැඩ සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආසාවෙන් භාරගන්නවා.

දැන් උදාරි ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයටත් එකතු වෙනවා. රංගන ශිල්පිනියක් විදියට දැනගෙන හිටිය උදාරි හිටි හැටියේ ගායිකාවක් වුණේ?
මම පොඩි කාලේ ඉඳන් ගායනයට, නර්තනයට හරි ආසයි. මම මුලින්ම යාළුවෝ අතරෙදි ගීත ගායනා කළා. හැබැයි වෘත්තීය වශයෙන් ගීත ගායනා කළේ නැහැ. මම මෑත කාලයේ විරාජ් සහ මිලින්ද අයියලා එක්ක කරපු ඛ්ධමඥප ඉධදඨඵ ෆේස්බුක් එකෙන් දැකලා මට සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරන්නත් අවස්ථාව ලබුණා.

උදාරිගෙම ගීත ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ කවදාද?
මගේම ගීත දෙකක වැඩ කරගෙන යනවා. මගේ රසිකයන්ට ඒ ගීත ඉක්මනින්ම අහන්න පුළුවන් වෙයි.
උදාරිට කාලයක් කලා කටයුතු මඟ හැරුණනේ. ආයෙත් උදාරි කලා කටයුතු මඟ හැරගන්න එකක් නැද්ද?
විවාහයෙන් පස්සේ සහ මගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතු නවත්තලා තිබ්බා. ඉදිරියට කලාවෙන් අයින් වෙන්නේ නෑ.

උදාරිගේ වැඩකටයුතුවලට දැන් කවුරුත් සීමා දාන්නේ නැද්ද?
කවුරුත් මට සීමා දාන්නේ නැහැ. මම මටම දාගත්ත සීමා ටිකක් තියෙනවා.

උදාරිගෙ ජීවිතයෙන් අෑත්වුණු දේවල් මඟ හැරුණු දේවල් අමතක කරලා හිත හදාගෙනද ඉන්නේ?
හැමදේම හොඳටයි වුණේ. හැමදේම අනිත්‍යයි. ඒ සියලු දේ උපේක්ෂාවෙන් දරාගෙන දැන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ ගැන දුක් වෙන්නේවත් පසුතැවෙන්නේවත් නෑ. දුක සතුට දෙකම සමව දරාගන්නවා.

උදාරිගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නවලට සමහර රංගන ශිල්පීන් මැදිහත් වෙන්න ගත්තා. මොකද්ද ඒ සිද්ධ වුණේ?
ආධුනික රංගන ශිල්පියෙක් අපේ දේවල්වලට මැදිහත් වෙන්න ගත්තා. ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ. අනෙක් අය ඒ ගැන දන්නේ නැහැ. ඒ අය අනුන්ගේ දේවල්වලට මැදිහත් නොවී හිටියා නම් හොඳයි.

දැන් ආයෙත් උදාරිට ආදර යෝජනා ගලාගෙන එනවා ඇති?

ආදර යෝජනා නම් එනවා. මම ඒවට කැමැති වෙන්නේ නෑ. මම ආදරය කියන වචනයටත් දැන් බයයි. ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ. නිදහසේ ජීවත් වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements