Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම තවම කණ්‌ඩායමට ඇවිල්ලා අවුරුදු දෙකක්‌ වගේ
මගේ සිහිනය තිබ්බේ ලංකාවට ගහන එක
කෝලිලා අභිබවා යන්න තව මහන්සි වෙන්න ඕනා


ඒත් මුලින්ම මාව විස්‌සයි විස්‌සට දැම්මහම මම තිලාන් අයියට රෑ කෝල් කරලා කිව්වා ඇයි මාව විස්‌සයි විස්‌සට දාන්නේ මම ආයිත් ෆේල් වුණොත් ටෙස්‌ට්‌ වලටත් ඒක බලපායි කියලා.

නවකයන් රොත්තක්‌ මැද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජයග්‍රාහී මාවතකට ඔසවා තබන්නට ජ්‍යෙෂ්ඨයකු මෙන් කුසල් මෙන්ඩිස්‌ සැදී පැහැදී සිටියි. සංගක්‌කාර සහ මහේල යුගයෙන් පසු පිතිකරු බලඇණියේ වැඩි වගකීමක්‌ ඔහුගේ කරමත පැටවුනද අදාළ වගකීමට සාධාරණයක්‌ ඉටුකිරීමට සිහින මවන මෙන්ඩිස්‌ වත්මන් ලොව ප්‍රධාන පිතිකරු ජවනිකාවට පණ දෙන ස්‌ටීවන් ස්‌මිත් සහ විරාට්‌ කෝලි අභිබවා යැමටද උත්සහ කරයි. ටෙස්‌ට්‌ සහ එක්‌දින ලකුණු දස දහසක්‌ ලබා ගැනීමද ඔහුගේ ක්‍රිකට්‌ දිවියේ ප්‍රධාන ඉලක්‌කයකි. මේ සියලු දේ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්‌ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්‌ට්‌ තරගාවලිය අතරතුර දිවයින ඉරිදා සංග්‍රහය සමග මෙසේ කතිකාවතක නියෑලුනි.



කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැති යුගයක පිතිකරු බලඇණියේ වගකීම ඔබේ කරමත පැටවී තියෙනවා. මේ අභියෝගය කොහොමද දැනෙන්නේ.

පිළිතුර - මම ගොඩක්‌ පුහුණුවීම් කළා. මගේ තිබුණ වැරදි ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරු පුහුණුකරු පෙන්නලා දුන්නා. නමුත් ඒ අය කියන්නේ මගේ තව වැරදි දෙක තුනක්‌ තියෙනවා කියලා. මොකද මම පසුගිය කාලයේ අසාර්ථක වෙලා ඉන්න වෙලාවේ මගේ අඩුපාඩු එකින් එක හදා ගත්තා. ඊළඟ තරගාවලියට කලින්.

පීඩනයේදී නවකයකු ලෙස කොහොමද ඔලුව හදාගෙන සාර්ථක වෙන්නේ. ඒ දේ තමයි ක්‍රීඩකයකුට අමාරුම දේ.
ප්‍රශ්නය - ගොඩක්‌ අපිට බය නැතිව පහරදෙන්න පුහුණුකරුවන් ඔලුව හදලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට අපේ ඇඟේ තියෙන පහරවල්වලට බය නැතිව යන්න පුළුවන්. තිලාන් අයියා සහ පුහුණුකරුවන් නිතරම කතා කරනවා. ඒ විතරක්‌ නෙමෙයි චන්දිමාල් අයියා, ධනංජය අයියා, ඇන්ජලෝ අයියා වගේ අපි පිතිකරුවන් නිතරම කතා කරනවා. ඒ නිසා පීඩනය කියන එක නැහැ. කොහොමත් මම පීඩනය යටතේ ක්‍රීඩා කරන්න කැමතියි.

ඉස්‌සර මහේල සහ සංගක්‌කාර කර රාජකාරිය දැන් ඔබේ කරමත වැටිලා තියෙන්නේ. ඒක පීඩනයක්‌ද?

පිළිතුර - ඒක පීඩනයක්‌ කියලා නැහැ. මොකද ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ශතකයක්‌ ලබා ගත්තෙත් කඩුලු වැටිලා තියෙන වෙලාවක. මම අභියෝගයට කැමතියි.

ඔබ ලබාගත් ටෙස්‌ට්‌ ශතක පහෙන් තුනක්‌ම 175 ට වැඩියෙන් ගැහුවත් ද්විත්ව ශතකයක්‌ ගන්න බැරි වුණා. 190 සීමාවට එහා ගිහින් ලොකු පහරවල් ගහන්න ගිහින් ද්විත්ව ශතක දෙකක්‌ පෙනි පෙනී නැති වුණා. මේ කණ්‌ඩායමේ ද්විත්ව ශතකයක්‌ ගහපු කෙනෙක්‌ නැහැ. මොකද හිතෙන්නේ ඒ ගැන

පිළිතුර - ඔව් තිලාන් අයියත් ඒ ද්විත්ව ශතක නැති වුණ එක නිතරම මතක්‌ කරනවා. එයා කියනවා ද්විත්ව ශතකයක්‌ ගහනකම් මම මේක මතක්‌ කරනවා කියලා. ඉස්‌සරහට ලංකාවේ තරගාවලි දෙකක්‌ තියෙනවා. ඉක්‌මනටම මම බලනවා ද්විත්ව ශතකයක්‌ ගහන්න. ගොඩක්‌ වෙලාවට මට ශතකයක්‌ ලබාගත්තොත් ලොකු ඉනිමකට යන්න පුළුවන් කියලා හිතෙන්නේ දඟ පන්දු යවන්නන්ටත් හොඳට ගහන්න පුළුවන් එක.

ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තුනටම ඔබ දැන් දක්‍ෂතා දක්‌වලා තියෙනවා. මේ තරග රටා තුනෙන් වැඩිපුරම කැමැති කොයි වගේ තරගවලටද?

පිළිතුර - දැන් මම ඒ තුනෙන්ම ලකුණු ගහලා තියෙන නිසා තුනම ප්‍රශ්නයක්‌ නැහැ. ඒත් මුලින්ම මාව විස්‌සයි විස්‌සට දැම්මහම මම තිලාන් අයියට රෑ කෝල් කරලා කිව්වා ඇයි මාව විස්‌සයි විස්‌සට දාන්නේ මම ආයිත් ෆේල් වුණොත් ටෙස්‌ට්‌ වලටත් ඒක බලපායි කියලා. එතකොට තිලාන් අයියා කිව්වා බය නැතිව ගහන්න ඔය හැම දෙයක්‌ම ඔලුවෙන් හදාගන්න තියෙන දේවල් කියලා. ඊට පස්‌සේ බංග්ලාදේශ තරගාවලියේදී මම සාර්ථක වුණා. දැන් මම ඕනම තරගයක්‌ ක්‍රීඩා කරන්න ලෑස්‌තියි.

කොදෙව් සංචාරයේ අභියෝගය කොහොමද දැනෙන්නෙ.

පිළිතුර - ඔව් අපේ ආසියාවේ විකට්‌වලට වඩා මේ විකට්‌ බවුන්ස්‌ වෙන ගතිය වැඩියි. කොදෙව් වේග පන්දු යවන්නෝ ගොඩක්‌ උස හින්දා අත එන්නෙ ගොඩක්‌ ඉහළින්. අපි මෙහෙ එන්න කලින් ඒ පන්දු යවන්නන්ට ගහන්න ඕන විදිහිට පුහුණුවීම් කරපු එක තරගාවලියේදී ලේසි වුණා. මොකද මේ වගේ විකට්‌ එකක ශතකයක්‌ ගහන එකත් ලේසි නැහැ. මේ වගේ කඩුලුවල බැට්‌ කරහම නවසීලන්තයේ වගේ ගියහම අපි දන්නව බවුන්ස්‌ විකට්‌වල කොහොමද ගහන්න ඕන කියලා.

ඔබ දැන් ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි තැනට ඇවිල්ලා ඉන්නවා. ඒක පෞද්ගලික ලොකු ජයග්‍රහණයක්‌. දැන් ජාත්‍යන්තර ශ්‍රේණියේ ස්‌මිත් සහ විරාට්‌ කෝලි තමයි පෙරමුණේ ඉන්නේ. කොහොමද ඔවුන්ව අභිබවා යන්න ඔබේ තියෙන සැලසුම.

පිළිතුර - ඔව්... ඇත්තටම ස්‌මිත් සහ කෝලි වගේ අයව අභිබවා යන්න මට තව ගොඩක්‌ මහන්සි වෙන්න තියෙනවා. තව කල් තියෙනවනේ බලමු. ගහන වෙලාවට ලොකු ගාණක්‌ ගහගෙන තියාගන්න ඕන පිතිකරුවෙක්‌ වුණාම කියලා පුහුණුකරු කියෙනවා. මොකද අසාර්ථක වෙන අවස්‌ථාත් තියෙනවා ඒ නිසා ගහන වෙලාවට ලොකු ගාණක්‌ ගහන්න කියලා තමයි කියන්නේ.

අනාගතයේදී ඔබට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය හිමි වුණොත්?

පිළිතුර - මම තවම කණ්‌ඩායමට ඇවිල්ලා අවුරුදු දෙකක්‌ වගේ. මගේ සිහිනය තිබ්බේ ලංකාවට ගහන එක. නායකත්වය කියන එක මට ලැබෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. කණ්‌ඩායමේ ස්‌ථානය දිගටම තියාගන්න පුළුවන් වුණොත් ඒ දේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. රට වෙනුවෙන් එක්‌දින සහ ටෙස්‌ට්‌ ලකුණු දහදාහක්‌ ගහන එක තමයි මගේ ඉලක්‌කය. මම ක්‍රිකට්‌වලින් සමුගන්න දවසට ඒ දේ කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්‌. නායකත්වය කියන එක කවද හරි ලැබුණොත් රට වෙනුවෙන් උපරිම හොඳට කරන්න බලාපොරාත්තු වෙනවා. ඒ නැතත් මට අවශ්‍ය ක්‍රීඩා කරන්නයි.

අසේල විතාන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook