Featured News

Video Gossip

Advertisement

යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති 'ගම්පෙරළිය' සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.





පසුගියදා මහනුවරදී පැවති පොදුජන පෙරමුණු පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ 'ගම්පෙරළිය' තමන්ට දැඩි බලපෑමක් වී ඇති බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තද'ගම්පෙරළිය' වැඩසටහන හේතුවෙන් පසුබැසීමක් ඇතිව තිබෙන බවත්, මැතිවරණයෙන් පසුව සභාපතිවරුන්, උප සභාපතිවරුන් පත් කිරීමේදී සහ ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ඇති වූ ගැටලු එම පසුබැසීමට තවත් හේතුවක් වී ඇති බවත් රඹුක්වැල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීම ද පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුද තීව්‍ර කිරීමට සමත් වී ඇති අතර එයින් කලකිරීමට පත්ව සිටින බැසිල් රාජපක්ෂ ඉදිරියේදී විදෙස්ගත වීමට සූදානම් වන බව ද වාර්තා වේ. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන විශ්‍රාමික හමුදා නිළධාරීන්ගේ ක්‍රියා කලාපය බැසිල් රාජපක්ෂලාගේ කලකිරීමට හේතු වී තිබේ. එම හමුදා නිළධාරීන් පාලනය කරගැනීමට ඔහු උත්සාහ කළ අතර ඔහුට තබා මහින්ද රාජපක්ෂට හෝ ඔවුන්ව පාලන කරගත නොහැකි මට්ටමට පැමිණ තිබේ.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අවසන් මොහොතේදී ප්‍රකාශයට පත්කිරීම වාසිසහගත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගණන් බැලීම වන අතර කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ තමන් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. ඒ සඳහා ඔහු 'වියත්මග' සංවිධානය ආරම්භ කරමින් රටපුරා දේශන පැවැත්වූ අතර කෙසේ වෙතත් මේ වනවිට වියත්මග සමග එක්ව සිටි බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ අතහැර ගොස් තිබේ. ඉන්පසු ඉතිරිව සිටින විශ්‍රාමික හමුදා නිළධාරීන් සමග එක්ව 'එළිය' නමැති සංවිධානය අටවාගත් අතර එහෙත් ඒ සඳහා උගතුන් බුද්ධිමතුන් වැනි සමාජයට බලපෑම් කළහැකි පුද්ගලයන්ගේ හෝ සාමාන්‍ය ජනතාවගේ ආකර්ෂණයක් තවමත් ලැබී නොමැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements