Advertisement

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සන්දේශයටයි මෙසේ අනුමැතිය හිමිවුණේ.



මෑතකාලීනව ඇති වූ නියඟය හේතුවෙන් කන්න පහක් එක දිගට හානිවූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති.

අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා.

අදාල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙන සියලු ණය වෙනුවෙන් සියයට 30ක පොලිය උපරිමයකට යටත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements