Advertisement

මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති මේ වන විට සේවයෙන් ඉවත් කර සිටින කතරගම හිටපු බස්නායක නිළමේ ඩී.පි. කුමාරගේ තවත් අක්‍රමිකතා රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතී.

ඒ අනුව ඔහු බස්නායක නිළමේ තනතුර දරන අවධියේ කතරගම පෙරහැරට යැයි කියමින් බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 160ක මුදලක් නැවත ගෙවාගැනීමට නොහැකි වීමෙන් කතරගම දේවාලය අපහසුතාවට පත්ව තිබෙන බව වාර්තා වේ. එමෙන්ම දේවාලයේ තිබූ වාහන දෙකක්ද ඔහු රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ වනවිට හිටපු බස්නාහිර නිළමේවරයාගේ තවත් වංචා හා දූෂණ රැසක් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුවන අතර එම පරීක්ෂණය අවසන් වන තුරු ඔහුග් සේවය තහනමට ලක් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements