ඒ අනුව ඔහු බස්නායක නිළමේ තනතුර දරන අවධියේ කතරගම පෙරහැරට යැයි කියමින් බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 160ක මුදලක් නැවත ගෙවාගැනීමට නොහැකි වීමෙන් කතරගම දේවාලය අපහසුතාවට පත්ව තිබෙන බව වාර්තා වේ. එමෙන්ම දේවාලයේ තිබූ වාහන දෙකක්ද ඔහු රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ වනවිට හිටපු බස්නාහිර නිළමේවරයාගේ තවත් වංචා හා දූෂණ රැසක් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුවන අතර එම පරීක්ෂණය අවසන් වන තුරු ඔහුග් සේවය තහනමට ලක් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.