Advertisement

සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු ,බෝසත් මාපිය සෙවණ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ විවෘත කෙරිණි.


පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

අක්කර දෙක හමාරක භූමියක ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණය ලබාදිය හැකිය.

සමරු ඵලකය නිරාවරණය කර ,බෝසත් මාපිය සෙවණ, මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාවේදී මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාගය සිදුකළ ඥානා ද සිල්වා මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්විම ද ජනාධිපවරයා අතින් සිදු විය.

තිළිණය පිළිගනු ලැබුවේ එම මහත්මියගේ පුතු විසිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements