Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වසර 2009 සිට වාර්ෂිකව දරුණු මූල්‍ය අර්බුදයකට ගොදුරුව ප්‍රාග්ධනය පවා ක්ෂය වී යන තත්ත්වයකට පත්වුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වසර තුනකට රුපියල් බිලියන හතළිස් හයයි දශම හතරක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන බව සාක්කිකාර ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය අදාළ ලේඛන ගත තොරතුරු කොමිසම හමුවේ පවසමින් ඊයේ (6) ලබාදුන් සාක්ෂි මඟින් අනාවරණය කළාය.

මෙතරම් විශාල භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ලබාදීමට උපදෙස් දුන්නේ කවුරුන් දැයි ලේඛනගතව නොමැති බවත් සාක්ෂිකාරිය කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවැසුවාය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය තිරුකුමාර් මහත්මිය ලේඛනගත‍ මෙම තොරතුරු අනාවරණය කළ වහාම අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා සාක්ෂිකාරියට දැනුම් දුන්නේ ඊට අදාළ ලේඛන සොයා කොමිසමට ඉදිරිපත් කරන ලෙසටයි.

අදාළ ලේඛන සොයා ගන්නා ලෙසටත් ඒ සඳහා ප්‍රමාණවත් කාලපරාසයක් කොමිසම ලබාදෙන බව මෙහිදී කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සාක්ෂිකාරියට සැලකරමින් නියම කළේ නැවත කොමිසම කැඳවූ වහාම එම ලේඛන සමඟ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.

සාක්ෂිකාරිය ලේඛනගතව පවතින තොරතුරු කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් මෙසේ පැවැසුවාය.

වසර 2011 රුපියල් බිලියන දහහතරයි දශම දෙකක, වසර 2012 රුපියල් බිලියන දොළහයි දශම හයක, වසර 2013 රුපියල් බිලියන දහනවයයි දශම පහක භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කර තිබේ.

වසර 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචියේදී ප්‍රකාශ කළ ප්‍රාග්ධනයද අඩුවී ගොස් තිබෙන බැවින් විශාල ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳවත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ සටහන්වලින් දක්වා තිබෙනවා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු ඇතුළුව ශ්‍රී ලංකා ගිණුම් හා විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ගීගනගේ මෙනෙවියගෙන් හෙබි ශ්‍රීලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂිකාරිය සාක්ෂි දුන්නාය. ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ෆස්ලි රසික්, රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහත්වරු කොමිසමට සහාය දැක්වීය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook