Advertisement

යහපාලන ආණ්ඩුව මේ වන විට රැුකියා අවස්ථා ලක්‍ෂ හතක් පමණ බිහිකර ඇතැයි ඊයේ (20 දා) අරලියගහ මන්දිරයේ පැවති උපාධිධාරීන්ට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ අනුව ආණ්ඩුව ඍජු රැුකියා අවස්ථා හාරලක්‍ෂ තිස්දහසක් බිහිකර ඇති අතර විදේශීය රැුකියා සහ ස්වයං රැුකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක් පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව ආණ්‌ඩුව Rජු රැකියා අවස්‌ථා හාරලක්‍ෂ තිස්‌දහසක්‌ බිහිකර ඇති අතර විදේශීය රැකියා සහ ස්‌වයං රැකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක්‌ පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.

2015 වසරේදී මෙරට රැකියා නියුක්‌තිකයන්ගේ ප්‍රමාණය මිලියන 7.8 ක්‌ වූ අතර එය 2017 අවසන් වන විට මිලියන 8.23 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අගමැතිවරයා කීය.

එම ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවන බවත් ඉහළ ආදායම් ලබන රැකියා මෙරට බිහිකිරීම තම අභිප්‍රාය බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ ආර්ථිකය නැවත නඟාසිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළ නිසා මෙසේ රැකියා ලක්‍ෂ 07 ක්‌ පමණ බිහිකිරීමට හැකි වූ බවද ඉදිරියේදී රටේ ණය අඩුකර ගැනීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements