Advertisement

ඒකාධිපති වියරුවෙන් පෙළුණු මහින්ද රාජපක්ෂ මහතා මුළු රාජ්‍ය බලයම එක් පළාතකට රැස්කොට තම බලය රැක ගැනීමට වරකට එක බැඟින් කඩින් කඩ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකළ බරපතළ පහරක් යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.


ජනපති, අගමැති නායකත්වය දරන යහපාලන ආණ්ඩුව නිසික්‍රමවේදයකට අනුව විධිමත්ව එක් දිනකදී මැතිවරණ පවත්වන බවද ඇමැතිවරයා කීය.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් සෑම මැතිවරණයක්ම නිසි ක්‍රමවේදයකට අනුව විධිමත් ලෙස පැවැත්විය යුතු යැයි ද ඇමැතිවරයා කීය.

වත්මන් ආණ්ඩුව රටේ ආර්ථික හා සාමාජයික සංවර්ධනය සිදු කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව යන කුලුනු දෙක මත බව පැහැදිලි කළ ඇමැතිවරයා, ඒ අනුව ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා සංවර්ධනය පිළිබිඹු වන මහා ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ කරන බවද කීය.

‍කොළඹ කොටුව පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (20) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය යන කුලුනු මත රට ඉදිරියට ගෙනයෑමට ක්‍රියාකරන යහපාලන ආණ්ඩුව නියමිත දිනට මැතිවරණ පවත්වන්නේ නැත්තේ ඇයි දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා‍ෙගන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබා දුන් මංගල සමරවීර මහතා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ගේ වාසියට කඩින් කඩ මැතිවරණ පැවැත්වීම නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ පැවැත්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට තිබූ කැමැත්තට අනුව නොවෙයි. එතුමාට ඕනෑ වුණේ කඩින් කඩ ඡන්ද තියලා මුළු රාජ්‍ය බලයම එක පළාතකට ගෙනවිත් මැතිවරණ දිනා ගන්නයි. එසේ කඩින් කඩ මැතිවරණ පැවැත්වීමෙන් මුළු රාජ්‍ය තන්ත්‍රයම අසීරුතාවයට පත් වෙනවා. ඇනහිටිනවා. සංවර්ධනයක් සිදු වන්නේ නැහැ.

අපිට එසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකට මැතිවරණ තියන්න වුවමනා නැහැ. අපි නිසි ක්‍රමවේදයකට ඉදිරියේ දී එක් දිනයක දී නියමිත මැතිවරණ පවත්වනවා යැයිද මංගල සමරවීර මහතා පැහැදිලි කෙළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements