Advertisement

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් මහතා විසින් අද (13) අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි චීනයේ සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවය ඊයේ (12) වාර්තා කළේය.

මෙම දැවැන්ත ආරක්ෂක අයවැය මගින් චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීමට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා ගේ ආරක්ෂක අයවැයට ඉකුත් 02 වැනිදා ඇමරිකානු මහජන නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවී ඇත.

පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදකලා කිරීමට ඇමරිකාව අදහස් කරන අතර, ඇමරිකානු විශ්වවිද්‍යාල වල විද්‍යා ආයතනවල චීන භාෂා වැඩසටහන්වලට පවා අරමුදල් කපා හැර ඇතැයි එම චීන සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවා වාර්තා වේ දැක්වේ.

ඇමරිකාවේ ආරක්ෂක අයවැයේ මීට පෙර තේමාව වූයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වුවත් මෙවර එය ක‍්‍රමෝපාය තරඟකාරීත්වය මත පදනම්වීම විශේෂත්වයකි. ඒ අනුව ආසියා - පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමු වී ඇත.

එබැවින් මෙවර ආරක්ෂක අයවැයෙන් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සමීප ආරක්ෂක සහයෝගිතාවක් ගොඩනැගීම සඳහාද මුදල් සැපයීමට කටයුතු කර ඇති බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන චීන සී ජී ටී එන් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කර සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements