Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දූෂණයෙන් තොරව ජනතා හිතවාදීව රට වෙනුවෙන් මහජනයා වෙනුවෙන් සිය වගකීම ඉටුකරන පිරිස අතළොස්‌සක්‌ බවත් බොහෝ දෙනෙක්‌ සිතන්නේ තමන් කොහොමද කීයක්‌ හරි සොයා ගන්නේ කියලා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ දිවංගත එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ පිළිරුව හා කන්තලේ නගර ශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම නිමිත්තෙන් ඉකුත් 10 වැනිදා පැවැති උත්සවයේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.


එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා මගේ ඉතාම හිතවත් මිත්‍රයෙක්‌, සහෘදයෙක්‌. අපි එකම පවුලක්‌ විදියට ජීවත් වූ පිරිසක්‌. එතුමාගේ අභාවයෙන් පසු එතුමා සිහිපත් කරමින් මේ ප්‍රතිමාව අද විවෘත කරනවා. ඊට සම්බන්ධිතව මේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදු කරනවා. මේ කටයුතුවලට සහභාගිවීමට ලැබීම පිළිබදවත් මට ආරාධනා කිරීම පිළිබදවත් මා ඉතාමත් සතුටු වෙනවා. මේ උත්සව සභාවේ කටයුතු සහ මේ කටයුතු සංවිධානය කිරීමේදී පළාත් සභාව, රෝහිත බෝගොල්ලාගම මහතා, නලින් ගුණවර්ධන මහතා ප්‍රාදේශීය සභා සහ අනෙකුත් රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම්වරු ඒ සියලු දෙනාම දැක්‌වූ සහයෝගය පිළිබදව මගේ ගෞරවනීය ස්‌තූතිය පුදකරනවා.

ගුණවර්ධන මැතිනියත් දියණිය සහ පුතා ඇතුළු පවුලේ ඥාතීන් හැරුණුවිට මෙහි සිටන අයගෙන් මා තරම් එතුමා පිළිබදව තොරතුරු දන්නා කෙනෙක්‌ නැහැ කියා මා සිතනවා. අප දීර්ඝ කාලයක්‌ මිත්‍රයන් විදියට ඇසුරු කළා. දේශපාලනය කළා. 1977 මහ මැතිවරණයෙන් අවුරුදු දෙකකට පමණ පසුව ගුණවර්ධන මහතා පොලිස්‌ සේවයේ සිටින විට එතුමාට පොළොන්නරුවේ සිට කල්මුණේට ස්‌ථාන මාරුවීමක්‌ ලැබුණා. ඒ ස්‌ථාන මාරුවීමට එතුමා කල්මුණේට ගියේ නැහැ. මා සමග කිව්වා, අපි දේශපාලනය කරමු කියා. මම එවිට කිව්වා, දේශපාලනය කරනවානම් කන්තලේ පැත්තේ ගිහින් ඒ ජනතාව සමග එකතුවී මේ වැඩේ කළ යුතුයි කියා. ගුණවර්ධන මහතාට ඒ අවස්‌ථාවේ ඇති වූ අපේක්‌ෂාව, බලපොරොත්තුව මහජනතාව වෙනුවෙන් වැඩ කිරීමයි. ඒ නිසයි පොලිස්‌ සේවයෙන් ඉවත් වී පූර්ණ කාලීන දේශපාලනයට ආවේ. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය හමුවී සේරුවිල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වීම ලබාගත්තා. එතුමා සමග මම මේ සේරුවිල ආසනයේ නොගිය ගමක්‌ නැහැ. මුලින්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සමිති, සංවිධාන ගොඩනැගුවා. ගම්වල සමිති සාදා ආසන බලමණ්‌ඩල හදන විටත් මම ආවා. එහි ප්‍රතිඵලයක්‌ විදියට එතුමා 1989 පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 1989 අපි නවාතැන් ගෙන සිටියේ කොළඹ ශ්‍රාවස්‌ති මන්දිරයේ. එදා මෙදා කාලය තුළ එතුමා අභාවප්‍රාප්ත වන තෙක්‌ම මිත්‍රයෙක්‌, සහෝදරයෙක්‌, හිතවතෙක්‌, සටන් සගයෙක්‌ ලෙසයි අපි එකට ජීවත් වුණේ. එතුමා පිළිබද බොහෝ රසවත් කතා මා දන්නවා. එතුමා කළ විශිෂ්ට සේවාව පිළිබදව මගේ මතකයේ තිබෙනවා. දේශපාලන ක්‌ෂේත්‍රයේ සමාජයීය වශයෙන් විවිධ අංශවල කටයුතුවලදී අපි දෙදෙනා සහෝදරයන් මෙන් බොහෝ ප්‍රශ්නවලට මුහුණදුන් අයුරු යම් යම් අවස්‌ථාවන්වලදී පීඩාවට පත්වූ හැටි ඒවායෙන් ජයග්‍රහණය ලැබූ හැටි ඒ පිළිබදව අත්දැකීම් රාශියක්‌ අපි දෙදෙනාටම ලැබුණා.

m322014 නොවැම්බර් මස 21 වැනිදා පැවැති ආණ්‌ඩුවෙන් ඉවත්වී මම පොදු අපේක්‌ෂකයා විදියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ආ වෙලාවේ මා සමග සෙවණැල්ලක්‌ මෙන් ආණ්‌ඩුවෙන් එළියට ආ කිහිප දෙනෙක්‌ අතරේ එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක වැනි අය විශේෂයෙන් මගේ මතකයේ තිබෙනවා. ඒ අනුව 2015 ජනවාරි 08 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට අපිට හැකියාව ලැබුණා. ඉන් පසුව එතුමා කැබිනට්‌ අමාත්‍යවරයෙක්‌ ලෙස පත්වුණා. ඊට පෙර ආණ්‌ඩුවල නියෝජ්‍ය ඇමතිවරයෙක්‌ රාජ්‍ය ඇමතිවරයෙක්‌ ලෙස සිටියා. එතුමා ඉඩම් ඇමතිවරයා ලෙස පත්වීම් ලැබුවා. එතුමා ඉඩම් අමාත්‍යාංශය භාරගෙන ඒ තුළ විශාල සේවාවක්‌ සිදු කළා. ඒ කාලයේ එතුමා වරින් වර අසනීප වුණා. ඒ අසනීප තත්ත්වය නිසාම එතුමා අපෙන් සමුගත්තා.

දේශපාලනය වගේම පෞද්ගලික ජීවිත තුළ එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන චරිතය යනු, බොහෝම අවංක දේශපාලනඥයෙක්‌. එතුමා කල්‍යාණ මිත්‍රයෙක්‌. එමෙන්ම පුළුල් සමාජ සේවකයෙක්‌. එදා ත්‍රස්‌තවාදී යුද්ධය පැවැති කාලේ සේරුවිල, කන්තලේ, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ නොව රට පුරා ආණ්‌ඩුවත් සමග ආරක්‌ෂක හමුදා සමග පොලිසිය සමග එම ප්‍රදේශවලට සම්බන්ධවී කටයුතු කළා. යුද ජයග්‍රහණය සදහා ලබා දුන් සහයෝගය කැපවීම මෙන්ම එදා පීඩාවට පත්වී සිටි ජනතාවට ඔවුන්ගේ සුබසාධන කටයුතු සහන කටයුතු වෙනුවෙන් කළ මෙහෙය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළත් ඉන් බාහිරවත් ඇතැම් වෙලාවට ජාත්‍යන්තර සංවිධානවලදීත් දක්‌ෂ කථීකයෙක්‌ විදියට තමාගේ ප්‍රදේශය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් හඩ ගා කතා කළා වගේම සිය අවංක හෘද සාක්‌ෂිය තුළ කටයුතු කළ සැබෑ ලංකා පුත්‍රයෙක්‌. එතුමාට සමාජයේ තිබෙන පිළිගැනීම සහ ගෞරවය ඔබ දන්නවා. දේශපාලනයට එන අය තමාගේ නොයෙකුත් චරිත ලක්‌ෂණ හේතුවෙන් ඇතැම් වෙලාවට ඉදිරියට යනවා. ඇතැම් වෙලාවට පිටුපසට යනවා. ගුණවර්ධන චරිතයෙන් මා දුටු ප්‍රධාන කාරණය වන්නේ එතුමා දේශපාලනයේ දූෂිතයෙක්‌ නොවේ. එතුමා අවංක කෙනෙක්‌. ඒ අවංකභාවය නිසා දූෂිත දේශපාලනයට එරෙහිව එතුමා සටන් කළා. එතුමා දූෂණය පිටුදැකපු කෙනෙක්‌. දූෂණයට විරුද්ධව ජනතාව වෙනුවෙන් ජනතාවගේ නිදහස සදහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මිනිසුන්ගේ නිදහස තහවුරු කරන්න ඒ සියල්ල සදහා ඔහු තම ජීවිතය කැප කළා. එවැනි අවංක විශිෂ්ට දේශපාලන චරිත මේ යුගයේ අපට ඉතාමත් අවමයි. බොහෝ වේලාවට දේශපාලනයට ඇවිත් මුදල් පොදි ගහගැනීමට, හොරකම් කිරීමට, නොයෙකුත් දූෂණ වංචා වැඩ කිරීමටයි බොහෝ අය එක්‌ වන්නේ. බලාපොරොත්තු වන්නේ.

පක්‌ෂ භේදයකින් තොරව අද අපේ රටේ සැබෑ ලෙසම දූෂණයෙන් තොරව ජනතා හිතවාදීව රට වෙනුවෙන් මහජනයා වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන පිරිස ඉතාම අතලොස්‌සක්‌. බොහෝ දෙනෙක්‌ සිතන්නේ තමන් කොහොමද කීයක්‌ හරි සොයා ගන්නේ. තමන් කොහොමද මේ බලය පාවිව්චි කර තමන්ගේ සාක්‌කු පුරවා ගන්නේ කියන කාරණය. නමුත් ගුණවර්ධන චරිතය ඊට වෙනස්‌ව වැඩ කළ චරිතයක්‌. එතුමාට මහා විශාල ගෙවල් දොරවල්, ඉඩකඩම්. වතුපිටි නැහැ.

අද ගුණවර්ධන මහතා සිහිපත් කරමින් ප්‍රතිමාව ඉදිකරලා එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වීමට ලැබීම පිළිබදව මා නැවතත් මගේ සතුට ප්‍රකාශ කර සිටිනවා. මේ සියලුම කටයුතුවලට සහයෝගය දැක්‌වූ දේශපාලන ක්‌ෂේත්‍රයේ සියලු මැති ඇමතිවරු, ආයතන, රාජ්‍ය නිලධාරීන්, මහජනයා සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්‌තූතිය මා පුදකරනවා.

m31ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය සහ මගේ වාසස්‌ථානය වන පොළොන්නරුව අතර කිසිදු වෙනසක්‌ නැහැ. මේ අනුරාධපුර, පොළොන්නරු, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල ජීවත්වන සියලු දෙනා එකම ජීවන රටාවක්‌, එකම ආර්ථීක රටාවක්‌ ඇති පුරවැසියන්. මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැප විදින අය නෙවෙයි. ගොවිතැන් කරමින් ජාතික ආර්ථීකය ශක්‌තිමත් කිරීම සදහා සිය ජීවිත කැප කරන ජනතාවක්‌ මේ ප්‍රදේශවල ඉන්නේ. සංවර්ධනය පැත්තෙන් අපිට සතුටු විය හැකි තැනක ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය නැහැ. රුපියල් කෝටි 500 ක්‌ දිස්‌ත්‍රික්‌කයේ වැව් ප්‍රතිසංස්‌කරණය සදහා වැයකරමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙනම ව්‍යපෘතියක්‌ ආරම්භ කළා. ආරියවතී ගලප්පත්ති මහත්මිය, පතිරණ මන්ත්‍රීතුමන් නලීන් මහත්මයලා ඒ සියලු දෙනා එක්‌ව අපි ඒ ව්‍යාපෘතියේ කටයුතු පටන් ගත්තේ. ඒ වැව් ව්‍යාපෘති පටන් ගන්න විට ඒ අවස්‌ථාව වන විට රටේ වැව් ව්‍යාපෘති එකම දිස්‌ත්‍රික්‌කයකවත් ඒ තරම් පුළුල් ලෙස ආරම්භ කරලා තිබුණේ නැහැ.

මම පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පසුගිය සතියේ ව්‍යාපෘති 181 ක්‌ විවෘත කළා. ඒ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන ආරම්භ කළ අවස්‌ථාවේ තමයි මට පෞද්ගලිකව අදහසක්‌ ආවේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයත් මේ සංවර්ධන කටයුතු වලට මම සම්බන්ධ කරගත යුතුයි කියලා. මේ දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන නායකත්වයක්‌ මගින් නිසි වැඩපිළිවෙලක්‌ තිබුණේ නැති නිසයි ඒ අදහස මට පෞද්ගලිකව ආවේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ව්‍යපෘති අංශයක්‌ විවෘත කරලා ඒ තුළ තමයි මේ දිස්‌ත්‍රික්‌කයේ වැව් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ ව්‍යාපෘතිය යටතේ මේ වනවිට වැව් 42 ක වැඩ අවසන් කර තිබෙනවා දැනට වැව් 36 ක වැඩ ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා දැනගන්නට ලැබුණා. ඒ පිළිබදව මම ඉතාමත් සතුටු වෙනවා. අපි පිබිදෙමු පොළොන්නරු වැඩසටහන පටන් ගන්නකොට පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වත් ඒ වැව් ව්‍යාපෘතිය කළේ නැහැ. මුලින්ම පටන් ගත්තේ මේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාව වෙනුවෙන්.

පසුගිය වසරේ අපි වැව් කිහිපයක්‌ විවෘත කළා. කිහිපයක්‌ බලන්න ගියා. යුද හමුදාව ඒ ඉදිකිරීම් කටයුතු කළේ. මම යුද හමුදාවට විශේෂයෙන් ස්‌තූතිවන්ත වෙනවා. ඉතාමත් හොද ප්‍රමිතියකින් ඒ වැව් ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. ඒ වගේම අපි මෙතන පිරිසිදු පානීය ජල ව්‍යාපෘති 10 ක්‌ හෝ 11 ක්‌ විවෘත කළා. නාවික හමුදාව තමයි ඒ කටයුතු කරන්නේ. නාවික හමුදාපති ඇතුළු ඒ සියලු දෙනාටත් මම ස්‌තූතිවන්ත වෙනවා. ජනාධිපති කාර්යාලයෙනුයි ඒ සදහාත් මුදල් දී තිබෙන්නේ. රට පුරාම අපි ඉදිකරන ජල පෙරණ යන්ත්‍ර නාවික හමුදාව තමයි හදන්නේ ඒ සදහා මුදල් දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. නාවික හමුදාව හොදින් ඒ කටයුතු කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම පිරිසිදු පානීය ජලය නොමැති ගම්මාන පිළිබදව අපට වාර්තා වෙන හැම අවස්‌ථාවේ දීම නාවික හමුදාව ඒ ගම්මානවලට ඒ පහසුකම් ලබා දෙනවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook