Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අගෝස්තු 07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට කළ තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේදී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සිටි අවස්ථාවක දුම්රිය මගින් අපහසුතාවට පත්කරමින් දුම්රිය සේවකයින් කළ හදිසි වැඩවර්ජනය රජය දැඩිසේ හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.


පිළිගත් සම්ප්‍රදායයන් නොතකා හැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොවර අද දින 2018.08.08 සවස හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියලු දෙනාටම අප රජය වෙනුවෙන් මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

ඊයේ (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කරන ලදී. එම තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්‍රසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්‍රියාමාර්ගය රජය දැඩි සේ හෙළා දකි.

මෙම හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇත. දුම්රිය මගීන්ට තම ප්‍රවේශපත්‍ර හෝ වාර ‍ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.

මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇත. තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.

වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසදුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටී.

මේ අතර අමාත්‍ය සාගල රත්නායක මහතාද මේ ඊයේ පැවැති දුම්රිය වැඩවර්ජනය පිළිබදව ෆේස්බුක් පිටුවේ අදහස් දක්වා ඇත.

 ඒ මෙසේය

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (08) සවස දියත් කරන ලද හදිසි වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හැඳින්විය හැකිය.

සේවය නිම වී නිවෙස් බලා යන දස දහස් ගණනක් මගීන් මෙන්ම මේ දිනවල අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම හදිසි, එමෙන්ම අනපේක්ෂිත වැඩ වර්ජනය නිසා අපහසුතාවට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊයේ දිනයේ මෙම වෘත්තීය සමිති පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිති ත්‍රස්තවාදයයි. එනම් වෘත්තීය සමිතිවල පටු අරමුණු සමාජයේ අන් සියලුම දේට වඩා ඉහළින් සළකන, තමන්ගේ වුවමනා හැරෙන්නට අන් සියල්ලන්ගේම වුවමනා එපාකම් වැදගත් නැතැයි සිතන නිර්ලජ්ජිත, කුහක මානසිකත්වයයි.

අප රටක් වශයෙන් එකතු වී, තිස් වසරක් තිස්සේ ම මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයටම මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදයද මතවාදීමය වශයෙනුත් ප්‍රයෝගික තලයේත් පරාජය කිරීමට කාලය එළඹ ඇත.

වෘත්තීය සමිති සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට අප උපරිමයෙන් ගරු කරන අතර වෘත්තීය සමිතිවලද වගකීම වන්නේද සදාචාරමය සහ ආචාර ධර්මික රාමුවක් තුළ සිය කටයුතු සිදු කිරීමයි.

දීර්ඝ රාජකාරි දිනයකින් පසුව නිවෙස් බලා යන මගීන් සහ සිය ජීවිතයේ ඉතාම වැදගත් කඩ ඉම් විභාගයකට පෙනී සිටින දරු දැරියන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලීම මෙම කිසිම සදාචාරමය හෝ ආචාර ධර්මික රාමුවකට අයත් නොවේ.

වැඩ වර්ජනයක් දියත් කිරීම වෘත්තීය සමිතියක අවසන් උපායමාර්ගය විය යුතු අතර කිසි ලෙසකවත් එය තමන් සතු පළමු ආයුධය ලෙස පාවිච්චි නොකළ යුතුය.

ඊයේ දිනයේ කොටුව දුම්රිය ස්ථානය හා ඒ අවට දුම්රිය මගීන් විසින් සිදු කරන ලද විරෝධතාව ද අප තේරුම් ගත යුත්තේ ඒ පසුබිම තුළය. ඔවුන්ගේ කෝපය සහ අප්‍රසාදය තේරුම් ගැනීමට හැකි වුවත් වග කිව යුතු රජයක් විදියට අප මහජනතාවගේ මෙන්ම වර්ජකයන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන් සුරක්ෂිතව නිවෙස් කරා යැවීමටත් අවශ්‍ය පියවර ගත යුතුය. පොලිස් විශේෂ කාර්‍ය බලකාය පවා යොදවා එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට අප උපරිම ක්‍රියාමාර්ග ගත්තේ එම කරුණු මුල් කර ගෙනය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා අප රජයට ඇති කැපවීම දුර්වලකමක් සේ සැලකිය නොයුතු අතර මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කොට ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට අප උපරිමයෙන් කැප වන බව ද අවධාරණය කළ යුතුය. ඒ සඳහා රජයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස අප ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු. යනුවෙනි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook