Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට පෙරේදා (02) පස්වරුවේ එක්වෙමිනි.

‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 180ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩසටහන අනුව සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප්‍රමාණයක් ජනතා අයිතියට පවරාදීම පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ දී ද සිදු විය.
දීර්ඝ කාලයක් පුරා පොළොන්නරුවට සිදු වූ සංවර්ධනයේ අසාධාරණය මඟහරවමින් එහි ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක කෙරෙන මේ සංවර්ධන සංග්‍රාමය තුළ දිස්ත්‍රික්කයේ පාසල්, රෝහල්, මාර්ග, ජල යෝජනා ක්‍රම, නිවාස, ක්‍රීඩාපිටි හා ක්‍රීඩාගාර මෙන්ම ආගමික සිද්ධස්ථාන ද පුළුල් සංවර්ධනයකට ලක්කෙරෙන අතර, දේශපාලන භේදයකින් තොරව මැති ඇමැතිවරු විශාල පිරිසක් මෙන්ම විද්වතුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මේ දින තුන පුරා පොළොන්නරුවේ රැඳී සිටිමින් මේ විවෘත කිරීම් සඳහා එක්වීම විශේෂත්වයකි.
ප්‍රදේශයේ ජනතාව ද මහත් උනන්දුවකින් යුතුව මේ වැඩසටහන් සඳහා එක්ව සිටියේ තම පළාතේ සංවර්ධනයේ සිහින මල්ඵල ගැන්වීම පිළිබඳ හද පිරි සතුටින් යුතුවය.
අද දිනයේ ද ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘතීන් අතරින් වැඩිම ප්‍රතිලාභ හිමිව ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙත වන අතර දිස්ත්‍රික්කයේ පාසල් 40කට ආසන්න ප්‍රමාණයක සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති සිසු අයිතියට පත්කෙරිණි.
රුපියල් මිලියන 22ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකර තිබෙන නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එම සිසු දරුවන් සමඟ සුහද කතාබහක නිරත විය.
විද්‍යාලයේ පිරිසිදු පානීය ජල ගැටලුව පිළිබඳ මෙහි දී සිසු දරුවන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, පාසල සඳහා නව ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතියක් කඩිනමින් ලබාදීමට සහ පාසල් ආරක්ෂිත වැට ඉදිකිරීම, ක්‍රීඩා පිටිය සංවර්ධන කටයුතු, නව ශ්‍රවණාගාරයක් ලබාදීම ඇතුළු තවත් අඩුපාඩු කිහිපයක් සපුරාලීම සඳහා ලබන සතිය වන විට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය ඇමැතිවරුන් වන අජිත් මාන්නප්පෙරුම, අල් සාහිරි මවුලානා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර, මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ විවිධ හේතූන් මත දීර්ඝ කාලයක් අඩු සැලකිල්ලට ලක්වූ පොළොන්නරුව පෙර රජදවසින් පසු යළි සශ්‍රීකත්වය කරා ගෙන ගිය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයට එක්වනු ඇති බවයි.
වැලිකන්ද කටුවන්විල මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද සිසු අයිතියට පවරා දෙනු ලැබුවේ ද ජනාධිපතිවරයා අතිනි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය. ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
එමෙන්ම විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමට සහ අරලගංවිල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා එක්විය.
විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමර 36 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙනු ලැබුවේ ද ජනාධිපතිවරයා අතිනි. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 63.75 කි.
ලෝක‍ චෙස් ශූරතා තරගාවලියේ දී ආසියාවෙන් 6 වැනි ස්ථානය මෙන්ම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් චෙනුලි ලිහන්සා නල්ලපෙරුම ශිෂ්‍යාව වෙත තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
සංගීත අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත් ප්‍රභාත් මාලිංග ජයසුන්දර සහ ඩබ්. එම්. සංචිත උදාර සිසුන් වෙත ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මේ අතර අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ සිදුකෙරුණු සංවර්ධන කටයුතු රැසක් ද අද ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි. රුපියල් මිලියන 22.52 ක වියදමින් ඉදිකෙරුණු රසායනාගාර, සුවදිවි සායන හා නව පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර සහ රුපියල් මිලියන 37ක වියදමින් ඉදිකළ වකුගඩු රෝග පරීක්ෂණ හා සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීම මේ අනුව සිදුවිය.
රුපියල් මිලියන 39ක වියදමින් ඉදිකෙරුණු අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජනතා අයිතියට පැවැරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
මේ අතර තවත් සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම මැති ඇමැතිවරුන්ගේ සහ විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වැලිකන්ද, පලුදෙණිය සුගලාදේවි ප්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සිදුකෙරුණේ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන් අතිනි.
මෙහි දී අදහස් දැක් වූ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සඳහන් කළේ ජනතා සේවය අකුරටම ඉටුකරන වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන දැක්ම සහ වැඩපිළිවෙළ සියලු මහජන නියෝජිතයන්ට පරමාදර්ශයක් බවයි. එතුමාගේ නායකත්වය යටතේ රටේ ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිය කරා ළඟාවනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ත්‍රිකෝණමඩුව මුස්ලිම් විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ඇමැති ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් අතින් අද පෙරවරුවේ සිදු විය.
මනම්පිටිය ග‍ඟේ දේවාලයේ දානශාලාව විවෘත කිරීම නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර යන මහත්වරුන් අතින් සිදු විය. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
දේවාගම ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ඇමැතිනී තලතා අතුකෝරළ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන් අතිනි.
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලිංගවිල කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සහ විද්‍යාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ඇමැති රවීන්ද්‍ර සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජේ. එල්. රත්නසේකර යන මහත්වරුන් අතින් සිදු විය.
දෙහිඅත්තකණ්ඩිය සැලසුම්ගම සිරි ධර්මරාජ විහාරස්ථානයේ නවීකරණය කෙරුණු නව සංඝාවාස ගොඩනැගිලි විවෘත කිරීම රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන ‍මහත්ම මහත්මීන් අතින් සිදු විය.
රුපියල් ලක්ෂ 26ක වියදමින් විහාරස්ථානයේ ඉදිකෙරුණු ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය ද මෙහි දී මේ මහත්ම මහත්මීන් අතින් විවෘත කෙරිණි.
සෙවනපිටිය මහජන බැංකුවේ ස්වයං බැංකු සේවා ඒකකය විවෘත කෙරුණේ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන යන මහත්වරුන් අතිනි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook