Advertisement

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද කලුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, ඛෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පස්වරුවේ පැවැත්විණි. 

විහාරස්ථාන කිහිපයක ආධිපත්‍යය හොබවමින් දෙදියවල තිලකසිරි නාහිමියෝ ශාසනික හා සාමාජීය වශයෙන් ඉටු කරන ප්‍රශස්ත සේවය අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධූරය පිරිනමා තිබේ. ජනාධිපතිවරයා අනු නා හිමි උපහාර උත්සවයට එක්වූ අතර අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements