BREAKING NEWS
latest

728x90

468x60

header-ad

අපි ආණ්ඩු පත් කර ගත්තේ නායකයෝ පස්සේ ඉන්න ටයිකාරයින්ට හොරකම් කරන්න නෙමෙයි - මරික්කාර්

මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව ආසනයේ ගමේපෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග නිරීක්ෂණය කිරීමට එක් වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. 


“පසුගිය සති අන්තයේදී ආරංචියක් ආවා. මාධ්‍ය මගින් හෙළිදරව්වක් කරලා තිබුනා. මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සමාජිකයෙක් තමන් අධ්‍යක්ෂක ධූර දරණ තවත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණයක් අරගෙන තියෙනවා කියලා. මේක ලංකා ඉතිහාසයේ දුන්න ලොකුම ණයක්. මෙතන ලබැදියාවන් අතර ගැටුමක් තියෙනවා. 

ඔය වගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙමෙයි අපි ආණ්ඩු පත් කර ගත්තේ. සමහර ටයි කෝට් දාගත්ත, ඉංග්‍රිසි කතා කරන නිලධාරීන් හිතාගෙන ඉන්නවා. මේ උන් හදාපු ආණ්ඩුවක් උන්ට හොරකම් කරන්න ලැබිච්ච අවස්ථාවක් කියලා. අපි ගම්බිම් මට්ටමේ දාඩිය දාගෙන, මිනිස්සුත් එක්ක ඇවිදලා, වෙඩි ප්‍රහාරවලට මුහුණ දීලා, කැප කිරීම් කරලා මේ ආණ්ඩුව පත් කරගත්තේ, එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්න නෙමෙයි.” “මේ බිලියන 10 ගැන පරීක්ෂණ කරලා.‍ ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරන්න ඕනේ කියලා අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ හඩ නගනවා. ආණ්ඩුව ආවට පස්සේ එක එක මන්දිරවල ලැග ගත්ත අය මේ කරන වැඩ නිසා අන්තිමේදී සම්පූර්ණයෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයා තමයි මේ චෝදනාවට ලක් වෙන්නේ. ගිය ආණ්ඩුව කාලේ හොර නිලධාරීන්ට විරුද්ධ වුනා වගේම. 

අපේ ආණ්ඩුව කාලෙත් මේ ඉන්න නායකයෝ පස්සේ යන හොරකම් කරන එවුන්ට අවස්ථාව දෙන්න බෑ. මේ වැඩ නිසා ආණ්ඩුව නැති වෙන්නේ ගමේ ඉන්න යූන්පී කාරයාට. අපි බලාපොරොත්තු වෙනවා නායකයෝ ඉක්මනින් මේ ගැන තීරණ ගනී කියලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
« PREV
NEXT »
Loading...

Facebook Comments APPID