Advertisement

මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවක් වන හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හෝ අමාත්‍ය පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීමට  කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් දෙදෙනාගෙන් කෙනකු ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා නම් කරන බවට ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය මින් පසුව කිසිදු පොදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවත් පාක්ෂිකයන් ඒකමතිකව ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේම නායකයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස බවත් මන්ත්‍රීවරයා සදහන් කරනවා.
2015 ජනවාරි 8දා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කිරීමට දැඩි වෙහෙසක් ගත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් මේ වන විට එසේ ගන්නා ලද වෙහෙස ප්‍රයෝජනයක් නොවන තත්ත්වයකට පත්වී ඇති බවත් පෙන්වා දෙන චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ 2015දී කළ එම මෝඩකම එක්සත් ජාතික පක්ෂය යළි නොකරන බවයි.
එක්සත් ජාතික පක්ෂය ඉතාම අසීරුවෙන් සෑදූ කූඩුවේ වෙනත් අය බිත්තර දමා ඊට අයිතිවාසිකම් කියන බවත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් අකැමැති බවත් විජේසිරි මන්ත්‍රිවරයා තවදුරටත් මාධ්‍යයට ප්‍රකාශ කරනවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements