Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයක් සඳහා පළාත් ආණ්ඩුකාරවරයකු, මන්ත්‍රීවරුන් 18 දෙනකු සහ ආසන සංවිධායකයින් 24 දෙනකු එක්ව සිටින බව කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසීය.

මෙම සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන 2025 දීවත් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම බවද ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නුවණ පහල වේවා යැයිද මහජන පුස්තකාලයේදී ඊයේ (03දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

මේ සඳහා පක්ෂය තුළ මතවාදී අරගලයක් දියත් කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

ඊයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක එම්.එම්. අම්ජාඞ්, කැස්බෑව ආසන සංවිධායක රජිත කොඩිතුවක්කු, කෑගල්ල' දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරළ යන මහත්වරුද අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් වන නිමන්ති පීරිස්, තුෂාර රංග, සුරංග නෙරුජි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම තුළින් ශ්‍රීලනිපයට දැඩි හානියක් සිදුවූ බව පැවසූ ඔවුහු එමගින් පක්ෂයේ සුළු ජාතික ඡන්ද පදනම අහිමි වී ගිය බවද කියා සිටියහ.

ශ්‍රීලනිපය පොහොට්ටු පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට දරුණු පරාජයක් හිමිවනු ඇතැයිද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.ශ්‍රීලනිපය 

මෙම සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන 2025 දීවත් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම බවද ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නුවණ පහල වේවා යැයිද මහජන පුස්තකාලයේදී ඊයේ (03දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

මේ සඳහා පක්ෂය තුළ මතවාදී අරගලයක් දියත් කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements