Featured News

Video Gossip

Advertisement

තමන් පදිංචිව සිටි ඉඩම නිරවුල් කර ආබාධිත පියා සහ මව සමඟ නිදහසේ ජීවත් විමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලීම් කරමින් වයස අවුරුදු 14ක පාසල් දැරියක් අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල ඉකුත් දා පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළාය. 

ජනාධිපතිතුමනි, රටේ නීතිය සැමට සමාන ද? යන නාම පුවරුවක් ද රැගෙන එම දැරිය හැඬූ කඳුලින් යුතුව තනිවම විරෝධතාවය ආරම්භ කළාය. මෙම අවස්ථාවට අම්පාර නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඔරලෝසු කණුව ඇති ස්ථානයට පැමිණ අදාල නිලධාරීන්ට මේ බව දැනුම් දුන්හ. 

මෙම දැරියගේ පියා ආබාධිත සෙබළෙකි. පියා සහ මව මෙම දියණිය අම්පාර පොලිස් විශේෂ කාර්යය බළකාය අසල නිවසක් ඉදි කරගෙන ජීවත් වූ අතර මෙම ඉඩම වනජීවි කලාපයේ පවතින බව පවසමින් වන ජීවි දෙපාර්තමේන්තුව මගින් නඩු පවරා එම පිරිස ඉඩමෙන් නෙරපූ බව දැරිය අප කළ විමසීමක දී පැවසුවාය. 

වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම අහිංසක පවුල පාරට ඇද දැමීමත් මෙම කලාපයේ නිවාස 700ක් පමණ ඉදි කර තිබෙන අතර ඒ අතර අම්පාර මානසික රෝහල අම්පාර පොලිස් විශේෂ කාර්යය බලකාය, නගර සභාව ද මෙම සජීව කලාපය තුළ පිහිටුවා ඇත. 

මෙම දරු පවුල අසරණ වීමෙන් අනතුරුව එම ඉඩමට ආසන්නයේ ග්‍රාම නිලධාරීවරයෙකු විසින් තමන් සිටින ඉඩමෙන් කොටසක් අසරණ පවුල වෙත ලබා දී ඇති අතර ඉන් පසුව අධිකරණ නියෝග කඩ කළ බව කියමින් අම්පාර වන ජීවි නිලධාරීන් මෙම දැරියගේ මවට විරුද්ධව අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම මවට දින 07ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට සිදු වූ බව එම දැරිය පැවසුවාය. 

අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් තක්ෂිලා ගුණරත්න මහත්මිය එම ස්ථානයට පැමිණ මෙම දියණිය අම්පාර දිසාපති කාර්යාලය වෙත රැගෙන ගිය අතර පසුව මෙම ගැටලුව පිලිබඳව දැරිය දිසාපතිවරයාට කරුණු ඉදිරිපත් කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements