Featured News

Video Gossip

Advertisement

සා.පෙළ වැඩ 7 ක්ම ෆේල් නාමල් කුමාර 
හමුදාවට ගියේ හොර සහතිකවලින් 
- සීඅයිඩිය උසාවියට කියයි

ප‍්‍රභූ ඝාතන සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස හඳුන්වාගත් නාමල් කුමාර නමැත්තා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවයට හා යුද හමුදා සේවයට එක්වී ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර බවට මේ වන විට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා ඊයේ (02 දා* කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

යුද හමුදා සේවයට එක්‌වී ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා ඊයේ (02දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.


2002 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අධි සම්මාන දෙකක්‌, සම්මාන තුනක්‌ සහිතව විෂයන් 10 ක්‌ සමත්වූ බවට ඔහු අම්පාර හොරවැව මහ විදුහලෙන් ලබාගත් අධ්‍යාපන සහතිකයක්‌ මගින් පෙන්වාදී ඇතත් ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් හතක්‌ම අසමත්වූ අයකු බව විභාග දෙපාර්තමේන්තුවෙන් තොරතුරු කැඳවා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද සහකාර පොලිස්‌ අධිකාරිවරයා අධිකරණයට පැවැසීය.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා යුද හමුදා සේවයට එක්‌වීමත් නිසි දැනුම්දීමකින් තොරව සේවය අතහැර පලායාමත් සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කොට ඇතැයිද සහකාර පොලිස්‌ අධිකාරිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම ඔහු විසින් අනාවරණය කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කිරීමට ඔහුගේද යම් දායකත්වයක්‌ ලැබී ඇතැයි පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක්‌ ආරම්භ කොට ඇතැයි සහකාර පොලිස්‌ අධිකාරිවරයා කියා සිටියේය.

2009 ජනවාරි 28 වැනිදා ගුවන් භටයකු ලෙස අම්පාර ගුවන් හමුදා මෙහෙයුම් කඳවුරේ පුහුණුවට එක්‌ව තිබූ නාමල් කුමාර පුහුණුව ලබන අතරතුර 2009.4.5 වැනිදා නොදන්වා සේවයෙන් බැහැරව ගොස්‌ ඇති බවද ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

2010.04.29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බළකායට බැඳී පුහුණුව ලබා ඇති ඔහු 2011.05.20 වැනිදා යුද හමුදා ගජබා රෙජිමේන්තුවට බැඳී 2011 ජුලි මස නොදන්වා සේවය හැරගොස්‌ ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයිද සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා සමඟ සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා පැමිණිල්ල මෙහෙය වීය.

ඒ . ජේ. ඒ. අබේනායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements