මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඉල්ලීම මත විපක්‌ෂනායක කාර්යාලය සඳහා අතිරේක ලේකම්වරයකු පත්කරන ලෙස ඉල්ලා ඊයේ (02දා) දින පැවති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව නැත.
එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කිරීමටද තීරණය වූ බව කැබිනට් ඇමතිවරයෙක් කීය.
අදාළ කැබිනට් පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කර තිබිණි.
මේ අතර ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යාංශය වෙත ආයතන වෙන් කිරීමේදී තමන් කිසිදු පළිගැනීමක් කර නැතැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්‌වීමේදී කරුණු දක්‌වා ඇත. කිරිඇල්ල ඇමතිවරයා තමන්ට බෝඩ් ලෑලි වලට සීමාවූ ආයතන හතරක් පමණක් ලබාදී ඇතැයිද එලෙස කර ඇත්තේ තමාගෙන් පළිගැනීමට බවද හෙතෙම කර ඇති චෝදනා වලට පිළිතුරු වශයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කළ බවද ජනාධිපති වරයා පවසා ඇත.
ඊට අමතරව ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමටද අනුමැතිය හිමිව තිබේ.
නව වසරේ පළමු කැබිනට් රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එය ඉතා සුහද ලෙස පැය භාගයක පමණ කාලයක් පැවතී ඇත. ඊයේ දින එතරම් කැබිනට් පත්‍රිකා ද ඉදිරිපත් වී නැත.
මීළග කැබිනට් රැස්‌වීම ලබන 07 දා පැවැත්වීමට නියමිතය.
අකිත පෙරේරා
divaina

