Featured News

Video Gossip

Advertisement

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත. එයට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබල අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යාංශයට ජනතාවට සේවය කළහැකි කිසිදු ආයතනයක් ලබානොදී ඇති නිසාවෙනි. කැබිනට් අමාත්‍යධූර සදහා අමාත්‍යවරුන් නිර්දේශ කරන්නේ අගමැතිවරයා විසින් වුවත් අමාත්‍යාංශ ස`දහා ආයතනයන් ලබාදීමේ බලය පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටය. 


2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ මහනුවර ඡන්ද ප්‍රතිඵල බව නොරහසකි. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාද මනාප ඡන්ද ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට පිවිස වැවිලි කර්මාන්ත, උසස් අධ්‍යාපන හා මහාමාර්ග හා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන යන  අමාත්‍යධූර රැසක් දරමින් සුවිශාල මෙහෙවරක් සිදුකළ අමාත්‍යවරයෙකි. 

පසුගිය දේශපාලන අස්ථාවරත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම මෙරට ව්‍යවස්ථාව ආරක්ෂා කිරිම වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙරමුණේ සිට නොබියව කටයුතු කළ අයුරු කාටත් දැකගත හැකිවිය. පාර්ලිමේන්තුවේදී කථානායකවරයා අසීරුතාවයට පත්වූ සෑම අවස්ථාවකදීම කථානායකවරයාටද ශක්තියක් වෙමින් අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධි කි්‍රයාකලාපයේ නීතිමය ස්භාවය පාර්ලිමේන්තුවට පැහැදිලි කරමින් මෙම නීතිවිරෝධි කි්‍රයාව නොබියව දිගින් දිගටම විවේචනය කළේය. 
ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවන් වලදී ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සෘජු අදහස් දැක්වීම් කැපී පෙණින. 

විටෙක ජනාධිපතිවරයා —පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ˜යි යනුවෙන් ප්‍රකාශ කළේද ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දැඩි අදහස් දැක්වීමක් හමුවේය. එලෙස රටේ ව්‍යවස්ථාව,එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආරක්ෂාව කිරිම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාතාංශයට කිසිදු ආයතනයක් ලබානොදීමෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පිළිබදව ඇත්තේ ගැට`එවකි. හුදෙක්ම මෙය පෞද්ගලික වෛරයක් පිරිමසාගැනීමක් බව පැහැදිලිය. 

ජනාධිපතිවරයා මෙමගින් බලාපොරොත්තුවන්නේ මහනුවර එක්සත් ජාතික පක්ෂ බලකොටුව බිඳ දැමීමට දැයි මහනුවර ජනතාව තුල කසුකුසුවක් නැගෙමින් පවතී.තවද ජනපතිවරයාගේ මෙම පහත්  ක්‍රියාවට විරුද්ධව ඉදිරියේදී ජනපතිවරයාට පිළිතුරු ලබාදීමට මහනුවර ජනතාව සුදානමින් සිටින බව අප කල විමසීමකදී මහනුවර ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් පැවසිය .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements