Advertisement

හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවකදී පැමිණිල්ලේ සාක්‌ෂිකාරියක ලෙස දිවුරුම් මත සාක්‌ෂි දෙමින් සත්‍ය ප්‍රකාශ කිරීමට නීත්‍යනුකූලව බැඳී සිටියදී අසත්‍ය සාක්‌ෂි දී අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා ලද සාක්‌ෂිකාරියකට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය බර වැඩ සහිත වසරක සිරදඬුවමක්‌ 7 දින නියම කළාය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 2500 ක දඩයක්‌ ද නියම කර දඩ මුදල නොගෙවන්නේ නම් ඒ සඳහා ද බර වැඩ සහිත මාස දෙකක සිරදඬුවමක්‌ නියම කළාය.

බොරු සාක්‌ෂි දීමේ වරදට විත්තිකාරියක වී දඬුවම් ලැබූයේ වෙන්නප්පුව බටහිර නයිනමඩම මුට්‌ටුව වැල්ල පදිංචි ජයසූරිය කුරණගේ තිලිකා මධුෂි නම් අයයි. 

නඩුවේ චූදිත විත්තිකාරිය බලෙන් ලිංගික සංසර්ගයකට ලක්‌ කළ බවට සාක්‌ෂි දී තිබියදී පසු අවස්‌ථාවක චූදිත එසේ නොකළ බවට සාක්‌ෂි දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements