Advertisement

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පෙම්වතියගෙන් රුපියල් එක්‌ලක්‌ෂ අසූදහසක මුදලක්‌ කප්පම් මුදල් වශයෙන් ලබා ගැනීමට තැත් කළ පෙම්වතා ලබන 21 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා 10 වැනිදා නියම කළේය.

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්‌ මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කෙරිණි. 

පැමිණිලිකාර තරුණිය කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාවකි. සැකකරු පැමිණිලිකාර තරුණිය සමඟ හිතවත් වී ජංගම දුරකථනය ඔස්‌සේ පැමිණිලිකාරියගේ විවිධ ඉරියව් සහිත ඡායාරූප සැකකරුගේ ජංගම දුරකථනයට ගෙන්වාගෙන තිබේ. මිතුරකුගේ නිවසේ පැවැත්වෙන උත්සවයකට යැමට යෑයි පවසා සැකකරු පැමිණිලිකාරිය මිනුවන්ගොඩට ගෙන්වා ගෙන පසුව හෝටලයකට පැමිණිලිකාරිය රැගෙන ගොස්‌ ඇති බවත් පැමිණිලිකාරිය සැකකරුට අවනත නොවී නැවත මිනුවන්ගොඩට පැමිණ සැකකරු සමඟ ඇති වූ ආරවුල මුල් කරගෙන සැකකරු පැමිණිලිකාරියගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත් අධිකරණයේදී සඳහන් විණි. 

පැමිණිලිකාරියගේ මිතුරියන්ට පැමිණිලිකාරියගේ ඡායාරූප නව තාක්‌ෂණය ඔස්‌සේ ජංගම දුරකථන මගින් ලබා දීමෙන් අනතුරුව මුදල් ලබා නොදුනහොත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර ඇති බව පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිස්‌ ස්‌ථානයේ නඩුq මෙහෙයුම් අංශයේ උප පො. ප. ජිනප්‍රිය මුදන්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements