Advertisements

Loading...

Anam Manam

Advertisements

Loading...

GALLERY

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

එසේම මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කිහිපයක් නිසා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවද සඳහන්. මේ හේතුවෙන් අද වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇති බවද එම සංගමය ප්‍රකාශ කරනවා.

මේ අතර විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ 2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බවයි. නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් – දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ. වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Mini Gossip

VIDEO PORTAL

Facebook