හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් තැබූහ.
අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

