Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සිදුව ඇති ප‍්‍රශ්නය පිළිබඳව තමන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ආයතන පරිශ‍්‍රයට කැරළි මර්ධන ඒකකය කැඳවීම සම්බන්ධයෙන් තමන් විශේෂයෙන්ම විමර්ශණයක් පවත්වන බවත් ජනාධිපතිවරයා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප‍්‍රකාශකයකු පැවැසීය.

ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත‍්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරන අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුවීනම් තමන් සමාව ඉල්ලා සිටින බවත් එම ප‍්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ නිකුත් කිරීමේදී පරිස්සම් විය යුතු බවත් කඩාකප්පල්කාරීන්ට වාසි සහගතවන ලෙස ප‍්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සහභාගී නොවූ බවද එම ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook