Advertisement

2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් ඊයේ දිනයේදී පවත්වනු ලැබීය. ඒ අනුව අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පත්වීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් හිස් වූ අතර ඒ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements