Featured News

Video Gossip

Advertisement

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයට කත් ඇදීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සංවිධායක ධුර ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඊයේ (03 දා) පැවසීය. 

මෙම සංවිධායකවරුන් සමඟ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඇමැති ධුරවලට කෑදර කමින් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේ වනවිටත් හොර ගල් අහුලමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූදා සිටම ඔවුන් කටයුතු කළ ආකාරය පිළිබඳව පක්ෂය පැහැදිලි වැටහීමකින් සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගයට එරෙහි වූයේ එම මන්ත්‍රී පිරිස බවත් දිසානායක මහතා පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට කත් ඇදීමට සූදානම් වී සිටින එම සංවිධායකවරුන් පසුගිය කාලයේ මුදලට සංවිධායක ධුර ලබාගත් අය බව ද ඔවුන් සිය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අය බව ද දිසානායක මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයට කවුරු සහයෝගය දුන්නත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සියලු වාමාංශික දේශප්‍රේමී බලවේග ඒකරාශී කරගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුළුල් සන්ධානයක් මේ වනවිට ගොඩනඟමින් තිබෙන බව ද හෙතෙම කීවේය. ඡන්ද පදනමක් නොමැති එවැනි සංවිධායක ධුර දරන සංවිධායකවරුන් පක්ෂයට අවශ්‍ය නොවන බවත් එම නිසා ඔවුන් කරන කියන දේවලින් පක්ෂයට කිසිදු බලපෑමක් නොවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements