Featured News

Video Gossip

Advertisement

ආයතනයේ කාර්යාල කාර්ය සහයකවරයා විසින් අල්ලා ගන්නා ලද මීයා ලිපිකාරිනියගේ සාරිය අස්සට රිංගා ගැනීමෙන් කාර්යාලය එකම ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න රාජ්‍ය ආයතනයකින් වාර්තා වේ.

වාර්තා වූ පරිදි සිද්ධිය මෙසේය.

අදාළ රාජ්‍ය ආයතනයේ මීයන්ද බහුලව ගැවසීම නිසා එහි ඇතැම් ලිපි ලේඛන ඇතුළු බඩු බාහිරාදියට හානි සිදුවූ අවස්ථාද එමටය.

මේ අතර එම මී උවදුරට එරෙහිව ක්‍රියා කිරීමට තම රාජකාරියන්ට අමතරව පැවරී තිබුණේ තවමත් තරුණවියේ පසුවන සෙල්ලක්කාර ගති පැවතුම් ඇති එහි කාර්යාල කාර්ය සහයකයෙකුටය.

එදින උදෑසන කාර්යාලය විවෘත කළ පසු තම මී උගුලකට අසුවී සිටි මීයෙකු පිටතට රැගෙන එමින් සිටි සේවකයා එහි නිලධාරීන්ට හා නිලධාරිණියන්ට මීයා ළං කරමින් උසුළු විසුළු කර බිය වැද්දීම් කළේ ඔහු තුළ තිබූ සෙල්ලක්කාර ගති නිසාමය. 

කෙසේ නමුත් එසේ රැගෙන ආ මීයා හදිස්සියේ සේවකයා අතින් ගිලිහී සිය ජීවිතාරක්‍ෂාව පතා රිංගාගෙන ඇත්තේ එහි ප්‍රධාන ලිපිකාරිණියගේ සාරිය ඇතුළටය.

සිද්ධියෙන් දැඩි ලෙස බියට පත්වූ ඇය කෑ කෝ ගසමින් ඒ ආසන්න මේස මත තිබූ ලිපි ගොනු පමණක් නොව මල්පෝච්චි පවා බිම දමමින් අවසානයේ බිම ඇද වැටුනාය.

මේ අතර මෙතෙක් ප්‍රධාන ලිපිකාරිනියගේ සාරියේ සැඟව සිටි මීයාද ඇගෙන් මිදී සුපුරුදු කාර්යාල වාස භූමිය කරා දිවගිය බව වැඩිදුරටත් වාර්තා වේ.

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
lankadeepa

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements