Featured News

Video Gossip

Advertisement

නව රජය යටතේ අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස පත්ව තිබියදී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා තනතුරින් ඉවත් නොවී ඊයේත් (01 වැනිදාත්) සුපුරුදු ලෙස සේවයට පැමිණ ඇති අතර එයට විරෝධය දැක්වූ සේවකයන් සභාපතිවරයාගේ නිල කාමරය වැටලීමට සූදානම් වීමත් සමඟ ඔහු පිටුපස තිබූ රහස් දොරටුවකින් රිංගා පලා ගොස් තිබේ.

ගමනා ගමන කොමිසමේ හිටපු සභාපති එම්.ඒ.ටී. හේමචන්ද්‍ර මහතා සහ සේවකයන් අතර පසුගිය කාලයේ දිගින් දිගටම ආරවුල් පැවති අතර සභාපතිවරයාට එරෙහිව සේවක විරෝධයක්‌ මතුවීමට එය ප්‍රධාන හේතුවක්‌ වූ බව එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.


සභාපතිවරයා සිය නිල කාමරයේ පිහිටි රහස්‌ දොරටුවකින් රිංගා පලා යන අවස්‌ථාවේ ඔහුගේ කාර්යාලය වැටලීමට පැමිණි සියලු සේවකයන් හූ තබන්නට පටන්ගත් බවද හෙතෙම සඳහන් කළේය.

නව රජය බලයට පත්වීමෙන් පසු මේ දක්‌වා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට කිසිවකු පත් කර නැත. ඒ හේතුවෙන් හිටපු සභාපතිවරයා දිගින් දිගටම සේවයට වාර්තා කර ඇති අතර ඔහුට යළි නොපැමිණෙන ලෙසද සේවකයින් දැනුම් දීමක්‌ කර ඇත.

සභාපතිවරයා ඊයේ දිනයේත් සේවයට පැමිණ ඇත්තේ එසේ සේවක විරෝධයක්‌ මතුවෙමින් තිබියදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements