Advertisement

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය.



මෙම නඩුව අද(02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පාර්ශව කරුවන් විසින් නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණ වෙත බාර දුන්නේය.
සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 ප්‍රකාශ කරන බව නිවේදනය කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු 5ක් ගොනු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements