Advertisement

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත.

ඒ මහතා ඊයේ (17දා) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

 මීට පෙර එතුමා ලේක්හවුස් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි සභාපති ලෙස කටයුතු කර ඇත.


ඇමරිකාවේ උපාධිධාරියෙක් :

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඔහු  1998 සිට 2007  දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් ද සේවය කර ඇත.

ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම්වල ප්‍රධාන සමාගමික නිලධාරියා වශයෙන්ද ඔහු කටයුතු කර තිබේ.

පෞද්ගලික අංශයේ අති දක්ෂ කළමනාකරුවෙකු ලෙස සැලකෙන රත්නායක මහතා ඉකුත් වසර තුනක කාලය තුළ ලේක් හවුස් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි විශාල පරිවර්තනයක් ඇති කිරීමට නායකත්වය දුන්නේය.

ඔහු දකුණු පළාතට මෝටර් රථයක් පළමුවෙන් ගෙන ගිය දෙනියායේ රත්නායක පවුලේ සාමාජිකයකු වේ.

මේ අවස්ථාවට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements