Advertisement

ලොව වයස්ගතම විවාහක යුවල, ජපාන ජාතික යුවලක් ගිනස් වාර්තා අතරට එක් වී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ලොව වයස්ගතම විවාහක යුවල ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ, අවුරුදු 108 ක් වයසැති මාසෝ මට්සුමෝටෝ සහ අවුරුදු 100 ක් වයසැති බිරිඳ මියාකෝ ය.

දෙදෙනා විවාහ වී ඇත්තේ 1937 වසරේ ඔක්තෝබර් මාසයේය. මොවුන් දෙදෙනා විවාහ වී වසර 80 කි.

මාසෝ සහ මියාකෝ දෙදෙනාට දරුවන් තිදෙනකි. එම දරුවන්ගේ දරුවන්ට ද මේ වනවිට දරුවන් සිටින බවත්, පසුගිය දෙසැම්බරයේ මාසෝ සහ මියාකෝගේ 25 වැනි මීමුණුපුරා උපත ලැබූ බව ද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements