Advertisement

රොෂාන් පෙම්වතියන් දෙදෙනකුට මැදිවූ පෙම්වතෙක්
රොෂාන්ට දුර පළාත්වල ෂූටින් වැටුණම 
මාව තනියම ගෙදර දාලා යන්නේ නැහැ



රොෂාන් පිලපිටිය හැමදාමත් එක විදිහටම තමන්ගේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින නළුවෙක්. පුංචි තිරය, වේදිකාව වගේම සිනමාව තුළත් විවිධාකාර චරිත මැවූ රොෂාන් මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන රාජයෝගය ටෙලි නාට්‍ය තුළිනුත්, සිරස ටී.වී. ඔස්සේ විකාශය වන නීල පබළු ටෙලි නාට්‍ය තුළිනුත් ඔබ හමුවට එනවා. මේ දිනවල තිරගත වන ටවුමේ ස්කෝ‍ලේ චිත්‍රපටය තුළිනුත් රොෂාන්ගේ රංගනයන් ඔබට දැකගන්නට පුළුවන්. රොෂාන් තමන්ගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය සමග හා හා පුරා එකට රඟපාන ඉන්ද්‍රචාප තව ටික දවසකින් තිරගත වීමටත් නියමිතයි.

රොෂාන්ගෙයි රිද්මාගෙයි පෙම් රැඟුම් පුංචි තිරයෙන් දකින්න රසික පිරිස ආශාවෙන් බලාගෙන ඉන්නවා.

ඉන්ද්‍රචාපා ටෙලි නාට්‍යය ළඟදීම විකාශය වේවි. එතකොට ප්‍රේක්ෂක බලා‍පොරොත්තුව ඉටුවේවි.

ඉන්ද්‍රචාපා ගැන තොරතුරු ටිකක් කිව්වොත්?

ගිහාන් රෝහන තමයි මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. තාරකා වාසලමුදලි තමයි පිටපත රචනා කළේ. හරිම සුන්දර කතාවක්. මේ කතාවේ හැටියට මම පෙම්වතියන් දෙදෙනකුට මැදිවූ පෙම්වතෙක්. තාරකා වන්නිආරච්චි හා මගේ බිරිඳ රිද්මා තමයි මේ ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතියෝ දෙන්නා.

ටෙලි නාට්‍ය හැටියට රොෂාන්ව අවසානයේදී රිද්මාට හිමි වෙනවාද? අහිමි වෙනවාද?

දැන් මම ඒ ප්‍රශ්නයට උත්තර දුන්නොත් ප්‍රේක්ෂක කුතුහලය නැතිවෙනවනේ. ඒ හින්දා ටෙලි නාට්‍ය බලලාම ඒ ගැන කතාකරමු. 

රොෂාන් එක්ක කතාකරන අතර අපි රිද්මාවත් කතාබහට එකතු කරගත්තා

රිද්මා දැන් කාර්යබහුල නිළියක්ලු නේද?

නිර්මාණ කිහිපයකම වැඩකරනවා. ඒත් ගොඩාක් කාර්යබහුල නැහැ. මොකද ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ.

ඒත් රොෂානුයි රිද්මයි නිතරම ඉන්නේ ගෙදරින් පිටනේද?

අපේ ගෙදර අත්උදව්වට මෙහෙකරුවෝ නැහැ. ඒ හින්දා රොෂාන්ට දුර පළාත්වල ෂූටින් වැටුණම මාව තනියම ගෙදර දාලා යන්නේ නැහැ. මාවත් එක් කරගෙන යනවා. ඒ හින්දා තමයි ගොඩාක් වෙලාවට අපි ගෙදරින් පිට ඉන්නේ.

දෙන්නාම ගෙදර ඉන්න දවසට කොහොමද දවස ගෙවන්නේ?

ගේදොර ලස්සනට තියාගන්න මම හරිම ආසයි. මල් වවලා වත්ත ලස්සනට තියාගන්නත් ආසයි. ඒ කටයුතුයි, උයන පිහන කටයුතුයි කරන්න ගියාම දවසම ගෙවිලා යනවා තේරෙන්නේ නැහැ.

රොෂාන්ට උයන්න පුරුදු කළානම් රිද්මට ගේ දොර වැඩ අඩුවෙනවානේ?

යාන්තම් බත් උයන හැටි නම් ඉගැන්නුවා. තවම මාළුපිනි උයන හැටිනම් උගන්වන්න බැරි වුණා.

කතාබහ අතරට ආයෙම රොෂාන් එකතුවෙලා මෙහෙම කිව්වා

රිද්මට රසට උයන්න පුළුවන්. කිරිකොස් මාළු, කොහිල දලු, ‍පොළොස් ඇඹුල් වගේ ගමේ කෑම තමයි එයා වැඩිපුර හදන්නේ.

මේ ප්‍රශ්නය අහන්නේ රොෂාන්ගෙනුයි රිද්මගෙනුයි දෙන්නාගෙන්ම. විවාහක යුවළකගේ ඊළඟ හීනය තමයි මව්පිය පදවි ලබන එක. ඔබ දෙන්නාත් ඒ හීනය දකිනවාද?

අපි දෙන්නාගේම පවුල්වල අයත් ඔය ගැන අහනවා. මේ වැඩ රාජකාරි එක්ක අපි ටිකක් කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලකමින් ටිකක් මිදුනම ඔය ගැන හිතනවා.

ආරියවංශ කුලතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements