Advertisement

රුපියල් මිලියන 1064 ක ආයෝජනයෙන් දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ දිනයේදී (22) ජනතා අයිතියට පැවරිණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. නිවසක් සමග ජීවිතයක් කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා ඇමති චම්පික රණවකගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ.

නිවාස ඒකක 266 කින් සමන්විතව මෙහි දෙවන අදියර ඉදිකර ඇති අතර පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් ජනතා අයිතියට පත් කර ඇත. 

2016 සිට 2018 දක්වා කාලය තුළ නිවාස ඒකක 3429 ක් ජනතා අයිතියට පත්කර ඇති බවත් 2019 අප්‍රෙල් අවසනට පෙර නිවාස ඒකක 4548 ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව 2020 වන විට නිවාස 20000 ක් සහ 2024 වන විට නිවාස 40000 ක් ජනතා අයිතියට පත් කරන බවද 2024 දී පැල්පත් නැති කොළඹක් බිහි කිරීම සිය අමාත්‍යංශයේ සහ රජයේ අරමුණ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements