Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු ලෙස සේවය කරන සනත් ජයසුන්දර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට මිලියනයක අල්ලසක් දීමට උත්සාහ ගෙන ඇති බවත් මේ හේතුවෙන් ඔහුව (සනත්) අනිවාර්ය නිවාඩු යැවීමට ක්‍රිකට් ආයතන පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීම සඳහා තමන්ට අල්ලස් දීමට උත්සාහ කර ඇති බවත් මේ සම්බන්ධව ඔහු (ක්‍රීඩා ඇමැතිවරයා) අයි.සී.සී.ය දැනුවත් කර ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
එම ප්‍රකාශයේ නිවැරදිතාවය මෙම සිදුවීමෙන් ඔප්පු වන බවත්, ඔහුට විරුද්ධව ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයෙන්ද චෝදනා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද ඔහුට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර මෙම කරුණු හේතුකොට ගෙන ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල් දැමීමටත්, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නව අතුරු කමිටුවක් පත්කිරීමටත් බොහෝ දුරට ඉඩ ඇති බවද පැවැසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements