Advertisement

ජනාධිපති ධුරයට තමන් අකමැති බවත් සියලු බලතල එකම අයෙකුට පැවරෙන එවැනි ධුරයකට පත්විය යුතුව ඇත්තේ සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්" යනුවෙන් සිදුකල ප්‍රකාශය සම්බන්ධවය.

සිරිසේනට නම් කැමතිම නෑ !

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගෝඨාභයගේ ප්‍රකාශයත් සමඟ චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකරත් "ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්" කියමින් ප්‍රකාශ නිකුත්කළ බවත් මේ වන විට එම ප්‍රකාශය විහිළුවක් බවට පත්ව ඇති බවය.

එසේම ජනාධිපතිවරයාට කිසි විටෙකත් තමා කැමැති නැති බවත්, ජනාධිපතිවරයෙකුට විශාල බලතල අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements