Advertisement

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලොකු ලැඡ්ජාවක් බව 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේබව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැළ බෙදා දීමේ උත්සවයකට සහභාගි ‍වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වූ පමණින් සියල්ල එක රැයකින් නිවැරදි කළ නොහැකි බවයි.

“පසුගිය 2015 ජනවාරී මාසයේ අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරු සහ ඒ ක්‍රීඩා අමාත්‍යවරුන්ට ආවණය දෙන බුකිකාරයෝ හිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා. නමුත් මේ අවුරු හතරට කරපු විනාසය දැන් අපි භුක්ති විඳමින් ඉන්නවා. දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්. මීට කලින් ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕන. කොහොම නමුත් තව පොඩි කාලයයි ලෝක ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ. මං හිතන්නේ එම තරගාවලියට අපිට ලේසි වෙන එකක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. හැබැයි අපේ ක්‍රීඩ‍කයෝ දක්ෂයෝ. අපේ පරිපාලනයෙයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඉදිරි නිලවරණයේදී මේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා....”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එම හඬපටය මේ සමඟ අමුණා ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements