Advertisement

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු හා නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම නතර කළ යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම පළාත්වල සිදුකෙරෙන බෞද්ධාගමීකරණය නතර කර ගැනීම සඳහා තමා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියයි.

දේශපාලන වුවමනා එපාකම් මත මෙවැනි කටයුතුවල යෙදෙන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට ද තමා අපේක්‍ෂා කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඒ බව ප්‍රකාශකර ඇත. 
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේ ද පවසා තිබේ. 

“දේශපාලනික වුවමනා එපාකම්වලට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධාගමීකරණයක් සිදුවෙමින් තිබෙනවා. එසේ කිරීම බුදු දහමට පටහැනියි. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. එසේ කරන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් වේවි. 

උතුරේ පළාතේ ආණ්ඩුකාරවරයා විදියට විතරක් නොවෙයි. දෙමළ ජාතිකයකු විදියට විතරක් නොවෙයි, බෞද්ධ දර්ශනය පිළිපදින ඊට ගෞරව කරන කෙනෙක් විදියට වෙන දේවල් හරියි කියන්න බැහැ. මම ඒ ගැන අවධානය යොමු කරනවා. 

ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදු දහමේ මූලික කරුණුයි.

එම නිසා දේශපාලන වුවමනා එපාකම් නිසා උතුරු පළාතේ කෙරෙන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි. එය නවත්වන්න අපට බැහැ. 

දේශපාලන වුවමනා එපාකම් මත කරන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. අපි මේවාට විරුද්ධ විය යුතුයි. මිනිස්සු තමන්ගේ ප්‍රජාතනත්්‍රවාදී නොවන ක්‍රියාකාරකම් සඟවාගන්න යන අඳුරුතම තැන ආගම කියලා අපි දන්නවා.

lankadeepa

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements